තරුශි සහ ඔමෙල් ඉතිහාසගත විශිෂ්ඨයන් දෙදෙනෙක්ගේ වාර්තා බිඳ දමති

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 20, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව නියෝජනය කළ අති දක්ෂ ක්‍රීඩිකාවක වන ශ්‍රියාණි ධම්මිකා මැණිකේ සතුව පැවති අවුරුදු 18 න් පහළ මීටර් 1500 වාර්තාව බිද දමන්නට ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසල නියෝජනය කරන තරුශි අභිෂේකා සමත් වුණා.ඇය විනාඩි 4‍්;29.97 ක කාලයක් වාර්තා කරමින් නව වාර්තාව පිහිටුවන්නට සමත් වුණා.සමස්ත ලංකා පාසල් වාර්තා පොතේ වසරින් වසර මැදි දුර ඉසව්වලට අදාළව සටහන් වන වාර්තා වලට සිය නම ඇතුළත් කර ගනිමින් සිටින තරුශි, මේ වන විට කේෂත්‍රෙය් බොහෝ දෙනෙක් තරුහි කරුණාරත්නගෙන් පසුව හමුවන විශිෂ්ඨ ක්‍රීඩිකාව ලෙස නම් කරමින් පොඩි තරුශි ලෙස නාමකරණය කරමින් තිබෙනවා.


එසේම ආසියානු යොවුන් පදක්කම්ලාභියෙකු මෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍යය ප්‍රතිපල ගැනීමට පෙර ක්‍රීඩාවට අහිමි වුණ අති දක්ෂ ක්‍රීඩකයෙකු වන මනෝජ් පුෂ්පකුමාර සතුව පැවති අවුරුදු 18 න් පහළ මීටර් 400 වාර්තාව ඉක්මවා යන්නට ඔමේ ශෂින්ත සමත් වුණා.ඔහු තත්පර 46.85 ක දක්ෂතාවයක් දක්වමින් මෙම වාර්තාව පිහිටුවන්නට සමත් වුණා.
තරගාවලියේ පළමු දිනයේ ක්‍රීඩකයෙකු තැබූ එකම වාර්තාව තැබීමට සමත් වූ ගේට්වේ විද්‍යාලයේ අශින් තෙවරප්පෙරුම පළමු දිනයේ උස පැනීමේ ඉසව්වට තැබූ නව වාර්තාවට අමතරව තවත් වාර්තාවකට සිය නම එකතු කර ගන්නට සමත් වුණා.ඒ අවුරුදු 14 පහළ මීටර් 100 ඉසව්වයි.අශින් එම ඉසව්ව තත්පර 11.82 ට නිම කරමින් නව වාර්තාවට හිමිකම් කීවා.


අවසන් පූර්ව තරගයේදී මීටර් 100 අවුරුදු 16 න් පහළ නව වාර්තාව දිනා ගත් ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ තරණි නිර්මිණා එම වාර්තාවේ තව දුරටත් සිය නම රැඳෙද්දි වාර්තාවේ අගය ඉහළට ගෙන යන්නට සමත් වුණා.ඒ පළමු දවසේ තත්පර 12.47 න් නිමා කළ මීටර් 100 ඉසව්ව,දෙවන දිනය වූ ඊයේ පැවති අවසාන තරගයේ දී තත්පර 12.45 දී නිමා කරමින්.


වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයේ එච් යූ ජයසිංහ අවුරුදු 18 න් පහළ යගුලිය දැමීමේ ඉසව්වේ නව වාර්තාවට හිමිකම් කීවේ මීටර් 17.15 ක දක්ෂතාවයක් දක්වමින්.මේ වාර්තාවත් සමඟ තරගාවලියේ දෙවන දිනය නිමා වන විට නව තරග වාර්තා 10 ක් ලෙස පැවති වාර්තා වෙනස් වී ඇත.එසේම එසේ නව පිහිට වූ නව වාර්තාවක් තරණි නිර්මාණි දෙවරක් වෙනස් කිරීමත්,අශින් තෙවරප්පෙරුම නව වාර්තා දෙකක් පිහිටුවීමක් විශේෂයෙන් සඳහන් කළ යුතුය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...