විපක්ෂ නායක සජිත්ගේ දීපාවලි දින පණිවුඩය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW :

“මේ දිපාවලි දිනයේ දී අප කළ යුත්තේ නපුර පරාජය කොට යහපත උදාව ආලෝකමත් කිරීම යි” දීපාවලි දින පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙම දීපවාලී සැමරුමේ දී අප වඩාත් උත්සුක විය යුත්තේ යහපත් සමාජයක පැවැත්ම සඳහා අසත්‍යයෙන් සත්‍යයට අවිද්‍යාවෙන් විද්‍යාවට සමාජය රැගෙන එන ආලෝකයක් වන වැඩ පිළිවෙල  සඳහා කැපවීම බව විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටී.

‘මේ දිපාවලි දිනයේ දී අප කළ යුත්තේ නපුර පරාජය කොට යහපත උදාව ආලෝකමත් කිරීම යි. ආලෝකය ලෙස අප සමාජගත කළ යුත්තේ යහපත් ප්‍රතිඵල මිස නපුරු සංකේත නොවේ. දීපාවලිය තුළ අපට කියා දෙන පාඩම දිනූ යහපත සමාජයට ගෙන යෑම යි. මෙම දීපවාලී සැමරුමේ දී අප වඩාත් උත්සුක විය යුත්තේ යහපත් සමාජයක පැවැත්ම සඳහා අසත්‍යයෙන් සත්‍යයට අවිද්‍යාවෙන් විද්‍යාවට සමාජය රැගෙන එන ආලෝකයක් වන වැඩ පිළිවෙල  සඳහා කැපවීම යි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...