*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

රට ගොඩගන්න නම් රාජපක්ෂලා හොරා කාපු ඩොලර් නැවත ගෙන ආ යුතුයි – සජිත් (VIDEO)

වත්මන් ආර්ථික අර්බුධය විසදීමට නම් ඇති එකම විසදුම වන්නේ ජනතාව මත බදු නොපනවා රාජපක්ෂ පවුල විසින් පසුගිය දශකයකට ආසන්න කාලයක් විවිධ ගිවිසුම්, කොන්ත්‍රාත්, ගණුදෙනු හරහා හොරා කන ලද අපේ රටේ ධනය නැවත පවරා ගෙන එමගින් රාජ්‍ය ආදායම වැඩි කර ගත හැකි බවත් හොරු ඇල්ලීම තුළින් ඔවුන් හොරා කන ලද ඩොලර් නැවත රටට ගෙනවිත් රටේ ආදායම වැඩි කර ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂයක් ලෙස කිසිදු දේශපාලන පළි ගැනීමක් හෝ පුද්ගලයන් ඉලක්ක කර ගෙන සිදු කරන දේශපාලන පළි ගැනීම් අනුමත නොකළත් අපේ රටෙන් හොරා කන ලද සියලුම ඩොලර් ටික, ඉදිරියේ දී ස්ථාපිත වීමට නියමිත සමගි ජන බලවේග රජයක් යටතේ ගෙන එන බවත් එම රජයේ රාජ්‍ය ආදායම වැඩි කිරීමේ බලය මුදල් ඇමතිට මෙන් ම හොරු අල්ලන ඇමතිටත් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය වී ඇත්තේ ව්‍යාපාර, ඉල්ලුම, සැපයුම, අවශ්‍යතා ආදිය හකුලා දමමින් වත්මන් බංකොලොත්භාවයෙන් ගොඩ ඒම බවත් මේ වන විට පොලි ආනුපාතය පවා සියයට 30 ඉක්මවා ගොස් ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වත්මන් රජය විසින් සාමාන්‍ය ජනතාවගේ කරපිට බදු බර නොපවටවා එය කෝටි ප්‍රකෝටිපතියන් මත පැටවිය යුතු බව යි.

කුරුණැගල නගරය නව තාක්ෂණයෙන් සන්නද්ධ කර නොනිදන නගරයක් බවට පත් කරන බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිලිකන් වැලි නගරය වැනි නගර අප රට තුළ බිහි කළ යුතු බවත් රටේ ඩොලර් අර්බුධය විසදීම සදහා තොරතුරු තාක්ෂණය රට පුරා ව්‍යාප්ත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති සමගි ජන බලවේගයේ කුරුණෑගල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan