ගෝඨාභයගේ ඉටුකම අරමුදල වසා දැමේ …

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කළ “ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” වසා දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, එම අරමුදලේ නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන ගිය අංක 85737373 දරණ නිල බැංකු ගිණුම 2022 ඔක්තෝබර් 18 වනදා සිට ක්‍රියාත්මක නොවන බවයි එම අරමුදලේ ලේකම් ආචාර්ය තාරක ලියනපතිරණ මහතා සඳහන් කළේ.

එහෙයින් එම ගිණුමට මුදල් බැර නොකරන ලෙසත් එම ගිණුමට බැර කිරීම සඳහා චෙක්පත් හා මුදල් තවදුරටත් ජනාධිපති කාර්යාලය වෙත නොඑවන ලෙසත් ඒ මහතා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉටුකම අරමුදල සඳහා රුපියල් 2,207,164,785.58 ක මුදලක් ලැබී තිබුණු අතර 2018 ඔක්තෝබර් 18 වනදා වනවිට එහි රුපියල් 216,877,431.05 ක මුදලක් ඉතිරිව තිබී ඇත. එම මුදල ජනාධිපති අරමුදලට බැර කිරීමට කටයුතු කර ඇති අතර ඒ මුදල මෙරට ජනතාවට ජනාධිපති අරමුදල මගින් සැත්කම් හා වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් වෛද්‍යාධාර වශයෙන් ලබාදෙනු බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...