විදුලි බිල් වැඩිකිරීම ගැන අද ප්‍රකාශයක්

විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම අද (20) දිනයේදී ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මහජන අදහස් ද විමසීමෙන් අනතුරුව 18%ක පමණ විදුලි ගාස්තු ඉහළ දැමීමකට එම කොමිසම අනුමැතිය ලබාදී ඇති බවයි නිල නොවන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලය 22%ක ගාස්තු වැඩිකිරීමක් සඳහා අවසර ඉල්ලා තිබුණු අතර පසුව එය 18%ක් දක්වා අඩුකර තිබිණි.

කෙසේවෙතත් මෙය සාමාන්‍ය ජනතාවට සහ කර්මාන්ත ක්ෂේත්‍රයට ඉතා තදින් බලපානු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...