*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

? රනිල් චීනයේ දී ටාසන් හා හර්කියුලීස්ට එකවර ඇඳීම.

? පොලිස්පති එළවා රට අස්ථාවර කරන ගේමට රනිල් ගේ ගේම….??

? දිනිත් හා ආශුගේ චීන ටෙලිපෝන් කෝල් තරඟාවලිය….??

?Dr රමේශ් ගේ මහා පිනුම..?

? මහින්ද සමරසිංහ ගේ “ඔපරේෂන් මෙක්සිකෝ”….??

? පාදෙනියලාගේ හා දර්ශන සිරිසේනලාගේ GMOA…??

? දිනේෂ් හරහා පෝට් සිටියට චීන තෑගි…??

          රටේ එවුන් ප්‍රශ්න වලින් ජීවන හා බදු බරින් තැලිලාය.  ජාවාරමුන් හැර කිසිවෙකුගේ ආදායම ඉහළ ගොස් නැත. ඒත් රනිල්ට සැපය. හැමදාම රටය. පිරිවර සමග කනවා බොනවාය.එහෙම කියන්නේ විපක්ෂය හා ඔවුන්ට කඩේ යන උන්ය. චෝදනා දාන අය රට බාරගත්තේ නැත.ඒ ඊට වඩා විවේචනය පහසු නිසාය.

     “රනිල් රට යන්නේ මේ නන්නපෝල් වූ රට ගොඩ දාන්න බව චෝදනා කරන අයත් දන්නවා” බටර් ගෑමේ ජොබ් එක කරුණු මත පදනම්ව කරන ආශු මාරසිංහ පාර්ලිමේන්තු ලොබියේදී කීවේය.

      ඇමෙරිකන් හා බටහිර ගැති  ලේබල් සහිත රනිල් මෙදා ගියේ චීන වන්දනාවේය. ඒ සබ්‍රි නන්දලාල් දිනේෂ් වීරක්කොඩි ආදීන් සමඟය.

      රට යන්නට පෙර GMOA හා සරසවි ඇදුරන් පැමිණ දුක කීවෝය. ඔවුන්ටත් ප්‍රශ්න නම් සාමාන්‍ය මිනිහා කොහොම ඇත්දැයි ඔවුන් හිතනවාදැයි දන්නේ නැත. ප්‍රශ්න රැසක් විසඳින. බදු බර අදෝනාව සලකා බැලීමටද ග්රීන් ලයිට් පත්තු විය. පාදෙනියලාගේ වඩා අද තිබෙන දර්ශන සිරිසේනලාගේ GMOA එක සෑම ප්‍රශ්නයක්ම යුක්තිසහගතව හා ගැඔුරින් බැලීම රටේ වාසනාවක්ව තිබේ.  

    චීනයට බහැපු ගමන් CGTN  නාළිකාවට රනිල් සිංහලෙන් සාකච්ඡාවක් දුන්නේය.  ජර්මනියේදී මෙන් නිවේදිකා හැඩකාරිගේ කෙහිවලු අල්ලන තෙක් සමහරු බලා සිටියද එසේ වූයේ නැත. ඒ තුළ කපටි නරියා ජර්මනියේදී දුන්නේ වෙනමම ගේමක් බව දැන් පැහැදිලිය.

      චීන වෙළෙඳ ආයෝජන හා සංචාරක සමුළුව තානාපති අංශ හා දිනේෂ් වීරක්කොඩිගේ මෙහෙයවීමෙන් පැවතිණ. චීන හා ලංකාවේ ව්‍යාපාරිකයන් ද එක්වූහ. රනිල් ගේ සුපුරුදු තැටිය වෙන රිද්මයකින් වැයින.

      ඒ අතරේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දිනිත් හා ජනපති පාර්ලිමේන්තු ලේකම් මහාචාර්ය ආශු ගෙන් දුරකතන වරුසාවක් චීනයට ගියේය. දෙදෙනාම තරගයට එකම තොරතුර කීය. ඒ ජනපති සති 03 කට පත්කල පොලිස්පති ව්‍යවස්ථා සභාවෙන් එළියට දැමූ බවය.එය ඇසූ රනිල්ට මළ පැන්නේය.

     “ආරක්ෂක ඇමතියි ජනාදිපතියි පොලිස් ඇමතියි රටේ නැති වෙලාවෙ මේව කරන්නෙ රට අවුල් කරන්නද.වහාම සමන්ට කතා කරන්න කියන්න”

     ජනපති ලේකම් සමන් ඒකනායකද ජනපකි ඇමතීමට ට්‍රයි කරමින් සිටි නිසා වහාම එම ඇමතුම ලැබිණ.

     “පොලිස්පතිට යන්න දෙන්න එපා. සති 03 කට වහාම පත් කරන්න. අර සභාවටත් දැනුම් දෙන්න” රනිල් ටාසන් හා හර්කියුලීස්ට ඇන්දේ එකවිටය.

      සිද්ධිය ගැන ජනපතිට  තවත් ඇමතුම් ලැබිණ.

       “පොහොට්ටුවේ සමහරු   ගේමක්දීල ඔබතුමා යට කරගන්නයි බැලුවේ. කුඩු යි සල්ලියි එක්ක මේ ගේම ආවා. පොලිස්පතිකමට කෙල හලමින් ඇඳුම් අයන්කල අයත් මේකෙ ඉන්නවා” ජනපතිට විස්තර ලැබිණ.

          නැගපු යකා බැලන්ස් කරගත් රනිල් ඉන්දුනීසියා ජනපති  පකිස්ථාන අගමැති වියට්නාම් ජනපති චීන උප අගමැති හමුවී ලංකාවට වැදගත් කරුණු රැසක් ගැන එකඟතාවකට ආවේ කිසිවක් සිදුනොවූ ගාණටය.  

      එහිදී වැදගත්ම වූයේ චීන මුදල් ඇමති හමුවය.

     “ණය ප්‍රතිව්‍යුහකරණය මධ්‍යම හා දිගු කාලීන සැලසුම් මත කරමු. යයි එකඟතාවකට ඒමට කපටි නරියා සමත් විය. එහි සිටි චීන ආයෝජකයන්ට රනිල් හා දිනේෂ් කීවේ “ලංකාවේ සංවර්දනයට හවුල්වී ප්‍රතිලාභ ලබන්න” කියාය. පෝට් සිටි ආයෝජන වලට පාර කැපුණේ එහෙමය.

      චීන ජනපති එක්වූ ප්‍රධාන සමුළුවට රාජ්‍ය නායකයන් 20 ක් හා රටවල් 141 ක් ආහ.රනිල් ට හමුදා උත්තමාචාරද ලැබිණ. නායකයන් ඡායාරූපයකට ද මුහුණ දුන් අතර එහිදීද ජනපතිට ප්‍රමුඛත්වය ලැබිණ.

      ලංකාවට ආ රනිල් එක හුස්මට එජාප සමුළුවට ගියේය. රට වගේම පක්ෂය ගොඩ දැමීමත් තම කරමත බව මතක්වී තිබේ. බලයට ආ පසු රට මිසක වෙන ඒවා ගැන නොහිතීම රනිල් ගේ හැටිය. ඔහු සැමදා දේශපාලනිකව නන්නපෝල් වන්නේ ද එකී  ස්ථාවරය තුළය.

        සෞඛ්‍ය නිලධාරීන්ට බිළිවූ කෙහෙළියට ගැලවීමක් නැත. වෙනසකට බල කෙරුණේ කලක සිටය. රාජිතට වැඩේ බාර ගන්නට පොහොට්ටුවෝ ඉඩ දුන්නේ නැත.Dr රමේෂ්ට දෙන්න හැදුවද හරිගියේ නැත. දැන් ඔහුට ගැලවෙන්නට බැරිය.විදෙස් රටක හිතවත් මාධ්‍යකරුවෙකු හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් හරහා ජනපතිට පණිවිඩයක් ගියේය. දැන් රමේෂ් මහා පිනුමකට සැරසෙන ලකුණුය.

     ඇමෙරිකාව හරහා රටට බෙහෙත් පොහෛාර ඇතුළු රු කෝටි 3500 ක ප්‍රතිලාභ සැලසූ තානාපති මහින්ද සමරසිංහ ඇරඔූ “ඔපරේෂන්මෙක්සිකෝ” යනු කුමක්ද…??

(අශෝක ජයතුංග වොෂින්ටන් සිට)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan