සමගි ජන බලවේගයෙන් මෙවර “හුස්ම ගන්න රටක් සක්වල දිනන හෙටක්” (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළ අතර ‘සැමට ජයක්’ නිර්මාණය කරන වැඩසටහන් රැසක් ඉදිරිපත් කළ බවත් මෙවර මහමැතිවරණයේදී ‘හුස්ම ගන්න රටක් සක්වල දිනන හෙටක්’ ඉදිරිපත් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අදටත් අප රට බංකොලොත් වී ණය ගෙවා ගත නොහැකි බවත් මැතිවරණ පැවැත්වුවා කියා බංකොලොත්භාවය නැති නොවන බවත් ජනතාව මෙවර මැතිවරණයේදී රට බංකොලොත්භාවයෙන් මුදවා ගත හැක්කේ කාටද කියා තීන්දු කළ යුතු බවත් පෙන්වා දුන් ඒ මහතා රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට අවශ්‍ය දර්ශනය වැඩපිළිවෙළ ඇත්තේ සමගි ජන බලවේගයට බවත් අවධාරණය කළේය.

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (20) රත්මලානේ දී රත්මලාන මැතිවරණ බලප්‍රදේශයේ සමගි ජනබලවේග සංවිධායක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවැත්වූ ජන හමුවක් අමතමිනි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2033 සිට ණය ගෙවන්නැයි කිව්වත් හිටපු ජනාධිපති සහ රජය 2028 සිට ණය ගෙවන්නට තීන්දු කර ඇති බවත් 2028 සිට එනම් තවත් වසර 4කින් ණය ගෙවන්නට නම් ආර්ථිකය වර්ධනය විය යුතු බවත් ඒ ඉලක්ක කරා යාමට නොහැකි වුවහොත් 2028 දීත් බංකොලොත් විය හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කරමින් අපනයන වැඩි කර සෘජු විදේශ ආයෝජන වැඩි වුවහොත් පමණක් ණය ගෙවිය හැකි බවත් මේ බංකොලොත්භාවයෙන් රට ගොඩගත හැකි ආර්ථික ප්‍රතිපත්තියක් රටේ ක්‍රියාත්මක විය යුතු බවත් දිගින් දිගටම බංකොලොත් භාවයෙන් සිටිය නොහැකි බවත් සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය නිෂ්පාදකයින් රැකගන්න පාර්සල් රේගු බදු වෙනස් කළා. වැඩේ ගාණට යනවා – ඇමති චතුරංග

ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදකයින්ට දැවැන්ත තර්ජනයක් වී පැවති තනි...

Starlink : රනිල් මස්ක්ට ස්තූති කරයි. ඉක්මනින් නැවත හමුවීමටත් බලාපොරොත්තුවෙන්

Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සඳහා ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශය ලබාදීම...

කහවත්තේ OIC යාපනයට මාරු කරයි

කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාසයට මාරුකර තිබේ. ඒ,...

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...