සමගි ජන බලවේගයෙන් මෙවර “හුස්ම ගන්න රටක් සක්වල දිනන හෙටක්” (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළ අතර ‘සැමට ජයක්’ නිර්මාණය කරන වැඩසටහන් රැසක් ඉදිරිපත් කළ බවත් මෙවර මහමැතිවරණයේදී ‘හුස්ම ගන්න රටක් සක්වල දිනන හෙටක්’ ඉදිරිපත් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අදටත් අප රට බංකොලොත් වී ණය ගෙවා ගත නොහැකි බවත් මැතිවරණ පැවැත්වුවා කියා බංකොලොත්භාවය නැති නොවන බවත් ජනතාව මෙවර මැතිවරණයේදී රට බංකොලොත්භාවයෙන් මුදවා ගත හැක්කේ කාටද කියා තීන්දු කළ යුතු බවත් පෙන්වා දුන් ඒ මහතා රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට අවශ්‍ය දර්ශනය වැඩපිළිවෙළ ඇත්තේ සමගි ජන බලවේගයට බවත් අවධාරණය කළේය.

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (20) රත්මලානේ දී රත්මලාන මැතිවරණ බලප්‍රදේශයේ සමගි ජනබලවේග සංවිධායක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවැත්වූ ජන හමුවක් අමතමිනි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2033 සිට ණය ගෙවන්නැයි කිව්වත් හිටපු ජනාධිපති සහ රජය 2028 සිට ණය ගෙවන්නට තීන්දු කර ඇති බවත් 2028 සිට එනම් තවත් වසර 4කින් ණය ගෙවන්නට නම් ආර්ථිකය වර්ධනය විය යුතු බවත් ඒ ඉලක්ක කරා යාමට නොහැකි වුවහොත් 2028 දීත් බංකොලොත් විය හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කරමින් අපනයන වැඩි කර සෘජු විදේශ ආයෝජන වැඩි වුවහොත් පමණක් ණය ගෙවිය හැකි බවත් මේ බංකොලොත්භාවයෙන් රට ගොඩගත හැකි ආර්ථික ප්‍රතිපත්තියක් රටේ ක්‍රියාත්මක විය යුතු බවත් දිගින් දිගටම බංකොලොත් භාවයෙන් සිටිය නොහැකි බවත් සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...