අනුරටත් වැඩපිළිවෙලක් නැති බව ඉතාම පැහැදිලිව දැන් තහවුරු වෙලා තියෙන්නේ – දිලිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සර්ව ජන බලය යනු 1956 දී එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සිදු කළ විප්ලවයේ නැවත නැඟිටීම බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

“මම සුබ ප්‍රාර්ථනා කරනවා, අපේ කාලේ දේශපාලනඥයෙක් හැටියට අපි වගේ ග්‍රාමීය පරිසරයකින් ඇවිල්ලා කොයිහරි විදියකට ජනාධිපති වුණා ඔහු. ඉතාම පැහැදිලිව ඔහුට වැඩපිළිවෙලක් නැති බව දැන් තහවුරු වෙලා තියෙන්නේ. අපේ එඩිතර විපක්ෂය ඇවිල්ලා සද්භාවයේ විපක්ෂයක්. ජනාධිපති වැටෙනතුරු බලන් ඉන්නේ නෑ. ඔහු වැටුනොත් වැටෙන්නේ අපේ මාතෘ භූමිය. ඉතින් ඒකට තියෙන එකම විසඳුම ව්‍යවසායකත්ව සංකල්පය. මේ බණ්ඩාරනායක මහත්තයා 1956 කරපු විප්ලවයේ නැවත නැගිටීම තමයි සර්වජන බලය. ඒ ඉතිහාසය අපි යළි ලියනවා. අපි නැවත ලියනවා පරාර්ථකාමී දේශපාලනයක්. තමන්ගේ බඩ වඩා ගන්න කරන ඒ දේශපාලනය අපි අවසන් කරනවා. ඒක තමයි අපේ ප්‍රතිඥාව”

දිලිත් ජයවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (20) හොරණදී පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...