ගම්මන්පිලගේ ක්‍රියාව පාස්කු නඩු සියල්ලටම අන්තරායකාරී ලෙස බලපාන්න පුළුවන් – ජනාධිපති නීතීඥ උපුල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා උත්සාහ කරන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ මේ වනවිටත් අධිකරණවල විභාග වන නඩුවල ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනෙකු වන රවී සෙනවිරත්න මහතාගේ සහ ශානි අබේසේකර මහතාගේ විශ්වසනීයත්වය බිඳ හෙළීමට බව ජාතික ජන බලවේගයේ නීතිඥ සාමුහිකයේ විධායක සභික ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පවසයි.

“ගම්මන්පිල මහත්මයා ප්‍රකාශකරනවා විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ ද අල්විස් වාර්තාවේ සඳහන් වෙනවා කියලා නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාට සහ ශානි අබේසේකර මහතාට අපරාධ චෝදනා ඉදිරිපත්කළ යුතු බවට. බුද්ධි අංශ තොරතුරු ටොප් සීක්‍රට් කියන ටැග් එකත් එක්ක අප්‍රේල් 09 වනදා රවී සෙනෙවිරත්න මහත්තයාගේ නමින් එවලා තියෙන්න. එතුමා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ අප්‍රේල් 13 වනදා. පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න භාරදෙනවා ප්‍රතිත්‍රස්ත ඒකකයේ අධ්‍යක්ෂවරයාට සහ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට, නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක ඒකකයට, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත් සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ, විශේෂ කාර්ය බළකායේ කමඩාන්ට්වරයාට. මේ ලිපියේම සඳහන් වෙනවා මේ කාරණය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය විමර්ශනයන් පටන් අරගෙන ක්‍රියාත්මක වෙමින් පවතින බව. එතකොට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිස්පතිවරයාගේ විධානයක් තිබිලා නැහැ. ඊළඟට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය ගත්තොත් එහෙම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබන්නේ අපරාධයෙන් පසු විමර්ශනය. එහෙම නැතුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හැකියාවක් නැහැ නිලධාරීන් යොදවා මාර්ග බාධක දාන්න, ශරීර පරික්ෂා කරන්න පුළුවන්කමක් නෑ. එතකොට රවී සෙනෙවිරත්නටත් ශානී අබේසේකරටත් කිසිම ආකාරයකින් වගකීමක් එන්න විදිහක් නැහැ මේ කාරණය සම්බන්ධයෙන් නීතිවිරෝධී නොකර හැරීමක් කරා කියලා. ගම්මන්පිල මහත්තයා කරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු සහ ඉතා විශාල ප්‍රමාණයක් අධිකරණවල විභාග වෙමින් පවතිනවා. ඒ නඩුවල ප්‍රධාන සාක්ෂිකාරයෝ දෙන්නෙක් තමයි රවී සෙනෙවිරත්න මහතාත් සහ ශානි අබේසේකර මහතාත්. ශානි අබේසේකරගෙයි, රවී සෙනෙවිරත්නගෙයි විශ්වාසනීයත්වය බිඳහෙළීමක් තමයි මේ වැඩෙන් සිදුකරලා තියෙන්නේ. මේක මේ නඩු සියල්ලටම අන්තරායකාරී ලෙස බලපාන්න පුළුවන්. නඩුවේ ඉන්න ප්‍රධාන සාක්ෂිකරුවන්ගේ විශ්වසනීයත්වය බිඳෙන ආකාරයට කටයුතු කිරීම නිසා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ඉදිරියට පැමිණිය යුතු තවත් බොහෝ දෙනෙක් ගැලවිලා යන්න පුළුවන්”

ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා මේ බව පැවසුවේ ඊයේ (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...