ගම්මන්පිල වගේ අය ආපහු පාර්ලිමේන්තු ආවොත් නම් මහා විනාශයක් වෙන්නේ – බත්තරමුල්ලේ සීලරතන හිමි

කොළඹ LNW:පාස්කු විමර්ශන වාර්තා ළඟ තබාගෙන උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා රංගනයක යෙදෙමින් සිටින අතර එය සාර්ථක ද? අසාර්ථක ද? යන්න ඉදිරියේදී බලාගත හැකි වනු ඇතැයි ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ උදය ගම්මන්පිල මහතා විසින් කරන ලද පාස්කු විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීමේ සිද්ධිය පිළිබඳව අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙවැනි පුද්ගලයින් යළි පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැව්වහොත් මහා විනාශයක් සිදුවන බවද උන්වහන්සේ කියාසිටියහ.

‘‘අත්තෙන් අත්තට පනින අයට පිස්සු හැදිලා. පාස්කු. පාස්කු.හැමෝම මේ ගැන කෑගහනවා. මේ නිසා ඒ මිනිසුන්ට නිවන් යන්න පුලුවන් වෙයිද? දැන් ගම්මන්පිල කියනවා එයා ගාව අවශ්‍ය ලේඛන තියෙනවලු. ඇයි හත්වලාමේ රනිල් වික්‍රමසිංහ ඉන්න කාලේ මේවා කියන්න එපැයි. ඒ කාලේ මේ ලේඛන දුන්නේ නැද්ද? ඔය අය ආයේ පාර්ලිමේන්තුට ගියොත් විනාශයක් වෙන්නේ. ගම්මන්පිට කියනවා මාරාන්තික උපවාසයක් කරන්න කියලා. ගම්මන්පිල කරන්නේ රංගනයක්. මේ රංගනය පිටිපස්සේ අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවා. මෙහෙයවන කණ්ඩායමක් අනිවාර්‍යයෙන් ඉන්නවා. අපි බලමු රංගනය සාර්ථක ද නැද්ද කියලා. අසාර්ථක වුණොත් ගල් ගහාවි. ” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන සහනය වෙනුවෙන් බිලියන 147කට වැඩි මුදලක් වැය කළා – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මැදපෙරදිග අර්බුදය හමුවේ ජන ජීවිතයට ඉන්ධනවලින් වන...

ජනපති අයවැය කතාව අරඹයි!

කොළඹ LNW:මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති...

කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ තෙනමක් පොලිස් භාරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: අනුරාධපුර රුවන්වැලි සෑය අභියස...

ජනපති හමු වූ අනෝජන්ගේ පවුලේ සාමාජිකයන් සිය කෘතඥතාව පළ කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: සෞදි අරාබියේ මරණ දඬුවමකට...