ලී ක්වාන් යූගේ බාල පුත්‍රයා එක්සත් රාජධානියේ දේශපාලනික සරණාගත භාවය ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නුතන සිංගප්පුරුවේ නිර්මාතෘ හා පලමු අග්‍රාමාත්‍යවරයා වශයෙන් සැලකෙන ලී ක්වාන් යූ මහතාගේ බාල පුත්‍රයා වශයෙන් සැලකෙන ලී ශන් යන්ග් එක්සත් රාජධානියේ දේශපාලනික සරණාගත භාවය ඉල්ලා ඇති බව වාර්තා වේ.

ලි ක්වාන් යු මහතාගේ දියණිය වන ලී වෙයි ලින්ග් හා ලී ශන් යන්ග් ඔවුන්ගේ වැඩිමහලු සහෝදරයා වන ලි ශයින් ලෝන්ග් සමඟ දේපල සම්බන්ධයෙන් විරසක වී ඇති අතර ඔහු මේ වන විට පාර්ලිමේන්තුවේ ජේෂ්ඨ මන්ත්‍රී තනතුරක් දරයි.

ලී ශන් යන්ග් 2023 වසරේදී විපක්ෂය සමඟ එක්ව ජනාධිපති ධුරය වෙනුවෙන් තරඟ කරන බව ප්‍රකශ කිරීමත් සමඟ බිඳ වැටුණු සම්බන්ධතාවය තවත් වර්ධනය වී ඇත. මෙම තත්වය සිංගප්පුරුවේ ප්‍රමුඛතම පවුල තුළ ඉහළ මට්ටමේ ආරවුලක නවතම වර්ධනය සනිටුහන් කරයි.

ලී ශන් යන්ග් එක්සත් ජනපදයෙන් කරන ලද ඉල්ලීම් ලිපියක සඳහන් කර තිබුණේ, පවතින රජය යන්ග්ගේ පුතාට නඩු පවර ඇති බවත්, ඔහුගේ බිරිඳට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, බොරු පොලිස් පරීක්‍ෂණයක් දියත් කරමින් එය වසර ගණනාවක් තිස්සේ ඇදගෙන යන බවත්ය.

කෙසේ නමුත් සිංගප්පුරු රජය මෙම චෝදන්වන් ප්‍රතික්ෂේප කර ඇති අතර මේ සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ රජයෙන් ක්ෂණික ප්‍රකාශයක් කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...