ලලිත්ට කූගන්ට යුක්තිය ඉටුවිය යුතුමයි !

Date:

ලලිත් කියන්නෙ වතු පවුලක ඉපදුන අහිංසක කොල්ලෙක්.. ප්‍රචණ්ඩ දේශපාලනක් තියා සතෙකුට ගලකින් ගහන්නවත් හිත හයිය නැති එකෙක්.. කවදාවත් පෙරහරේ නොගිය, කොට ඇද්ද එකෙක්… එහෙම එකෙක් හිටියා කියලා සමාජෙ දන්නෙත් අතුරුදන් උනාට පස්සෙ..

ඔහු අතුරුදන් වූ කාලයේ මොන යුද්ධයක්වත් රටේ තිබුනේ නෑ.. නමුත් ඒ කාලේ යාපනේ හැම තැනම වගේ හමුදා කඳවුරු තිබ්බා.. ඔහු ජ.වි.පෙ.වැඩ කළ කාලයේ ඉඩ ලැබුන වෙලාවල්වල කීප විටක්ම මමත් ඔහු සමඟ යාපනේ, කිලිනොච්චි, ප්‍රදේශ වලට ගියා.. ඒ යුද්ධෙන් අනාථ උන සිවිල් මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් ආපහු අටවගන්ට දෑතෙ හයියෙන් උදවු කරන්ට.. ඒකාලෙත් කීප විටක්ම අපිට ආමි කෑම්ප්වලට ඇවිත් තොරතුරු දෙන්ට කියලා දන්නලා තිබ්බා…

කූගන් කියන්නෙ කලින් දමිළ දේශපාලන ව්‍යාපාරයක වැඩකරලා පස්සෙ ජ.වි.පෙ.එක්ක එකතු උන කෙනෙක්.. තමන්ගේ මහන්සියෙන් කීයක් හරි හොයාගෙන දරුපවුලක් නඩත්තු කරපු වර්ගවාදය ගෑවිලවත් තිබ්බෙ නැති දුප්පත් මිනිහෙක්..

මේකට යුක්තිය ඉෂ්ඨ වෙන්ට ඕන..!

විශේෂයෙන්ම ජ.වි.පෙ. ආන්ඩුවක් පත්වෙලා තියෙන මේ වෙලාවේ මේ අවනඩුවට යුක්තිය ඉෂ්ට වෙන්ට ඕන.. !

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...

පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...