ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව පවත්වා ගැනීමට කැපවෙන කැනඩාව!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24,කොළඹ (LNW):

අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයී, කැනේඩියානු මහකොමසාරිස්වරයා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා ඇතුළු නියෝජිතයන් හා අග්‍රාමාත්‍යවරිය අතර මෙම හමුව පැවැත් වුණු බව පැවසේ .

ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව පවත්වා ගැනීමට කැනඩාව කැපවන බව මහකොමසාරිස් වොල්ෂ් අවධාරණය කර තිබෙන බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම, කාන්තා ව්‍යවසායකත්ව වර්ධනය කිරීම සහ රටේ ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායික අංශ නගා සිටුවීමේ වැදගත්කම ඇතුලු ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍ර රැසක් පිළිබඳ සාකච්ඡා කර තිබෙන බවද පැවසේ .

රටේ සංවර්ධණය සඳහා අධ්‍යායපනයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවත් ජාතිය එක්සත් කිරීම තුළින් ශ්‍රී ලංකාව ලබා ඇති  ප්‍රගතියේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළ බව වාර්තා වේ.

කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාට එක්ව සිටි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර,රනිල් සහ මෛත්‍රී වෙත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව...

සඳ පහන් රැයේ මේ සොඳුරු සිහිනයේ සැතපෙන්න! 

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : සිංහල භාෂාවේ ඇති...

හසීනාගේ පාලනයෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ජාතික ඡන්ද විමසීම අද

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...