ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව පවත්වා ගැනීමට කැපවෙන කැනඩාව!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24,කොළඹ (LNW):

අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයී, කැනේඩියානු මහකොමසාරිස්වරයා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා ඇතුළු නියෝජිතයන් හා අග්‍රාමාත්‍යවරිය අතර මෙම හමුව පැවැත් වුණු බව පැවසේ .

ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව පවත්වා ගැනීමට කැනඩාව කැපවන බව මහකොමසාරිස් වොල්ෂ් අවධාරණය කර තිබෙන බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම, කාන්තා ව්‍යවසායකත්ව වර්ධනය කිරීම සහ රටේ ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායික අංශ නගා සිටුවීමේ වැදගත්කම ඇතුලු ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍ර රැසක් පිළිබඳ සාකච්ඡා කර තිබෙන බවද පැවසේ .

රටේ සංවර්ධණය සඳහා අධ්‍යායපනයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවත් ජාතිය එක්සත් කිරීම තුළින් ශ්‍රී ලංකාව ලබා ඇති  ප්‍රගතියේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළ බව වාර්තා වේ.

කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාට එක්ව සිටි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...