ඉම්රාන් ඛාන්ගේ බිරිඳ සිරෙන් නිදහස් , ඛාන් ?

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබී සිරෙන් නිදහස් කර ඇති බව වාර්තා වේ.

ඊයේ(24)දිනයේදී ඇය රාවල්පින්ඩි හි අඩියාලා බන්ධනාගාරයේ සිට විශාල රථ පෙළකින් පැමිණි අතර ඉස්ලාමාබාද් නගරයට ආසන්නයේ පිහිටි බානි ගාලා මන්දිරයෙන් පිටත සිය ගණනක් ජනයා රැස්ව අයව පිළිගෙන තිබිණි.

පසුගිය ජනවාරි මාසයේදී රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ලැබුණු රුපියල් මිලියන 140 (ඩොලර් 501,000) කට වඩා වටිනා රාජ්‍ය ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධ නඩුවකට වරදකරු වූ බුෂ්රා බීබී හා ඉම්රාන් ඛාන් හට වසර 14ක් සිර දඬුවම් නියම කෙරිණ.

ඉන් අනතුරුව ඔවුන්ගේ විවාහයේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කිරීමේ නඩුවකදී ද මෙම යුවළ වෙන වෙනම ද වරදකරුවන් විය.

ඉම්රාන් ඛාන් සිරෙන් නිදහස් කර ගැනීම සංකීර්ණ කරුණක් වන අතර ඛාන් 2022 අප්‍රේල් මාසයේදී විශ්වාසභංගයකින් ඉවත් කිරීමෙන් පසු දූෂණය, ප්‍රචණ්ඩත්වය ඇවිස්සීම, දේශද්‍රෝහීත්වය සහ රාජ්‍ය රහස් කාන්දු කිරීම ඇතුළු නඩු 150 කට වැඩි ගණනකට මුහුණ දී සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...