ජනාධිපතිවරණයේ කෝටි ගණන් වලින් ගිය අපේක්ෂක වියදම් මෙන්න. වැඩිම වියදම සජිත්ගෙන්.කෝටි 112ක්!

Date:

කොළඹ LNW:2024 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් විසින් සිදුකළ වියදම් ඇතුළත් ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රදර්ශනය කර තිබේ.

ජනාධිපතිවරණයේදී එක් එක් අපේක්ෂකයින් වියදම් කළ මුදල් සම්බන්ධයෙන් මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනත ප්‍රකාරව සියලු කරුණු ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබුණි.

ඒ අනුව එක් අපේක්ෂකයෙකුට එක් ඡන්දහිමියකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 109ක උපරිමයක් ලෙස ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධ කර තිබුණි.

එම ගැසට් නිවේදනය අනුව එක් අපේක්ෂකයෙකුට සියලුම ඡන්ද දායකයින් වෙනුවෙන් රුපියල් 1,868,298,586ක මුදලක් වියදම් කිරීමට අවසර ලැබුණු අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් 38 දෙනා අතරින් එම වියදම් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයින් 35 දෙනෙකු බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

ඒ අනුව, 2024 ජනාධිපතිවරණයේ වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ සමඟි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත්වූ සජිත් ප්‍රේමදාස වන අතර එම මුදල රුපියල් කෝටි 112කට අධිකයි.

ඔහු විසින් රුපියල් 936,258,524.60ක මුදලක් අපේක්ෂකයා ලෙස වැය කර ඇති අතර සමගි ජන බලවේගය ඔහු වෙනුවෙන් රුපියල් 194,087,715.04ක් වියදම් කර ඇති බව දැක්වෙයි.

දෙවෙනියට වැඩිම වියදමක් දැරූ අපේක්ෂකයා වන්නේ ස්වාධීන අපේක්ෂකක් ලෙස ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතායි. ඔහු වියදම් කර ඇති මුදල රුපියල් 990,327,687.16කි.

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කිසිදු පෞද්ගලික වියදමක් දරා නොමැති නමුත් ජාතික ජනබලවේගය විසින් රුපියල් 527,999,889.38ක මුදලක් මැතිවරණ වැඩකටයුතු සඳහා වැය කර තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණයේදී සිව්වැනි ස්ථානය හිමිවූ පොහොට්ටු අපේක්ෂක නාමල් රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ඔහුගේ පෞද්ගලික මුදලින් කිසිඳු වියදමක් දරා නොමැති අතර ඔහු වෙනුවෙන් පක්ෂය වියදම් කර ඇති මුදල රුපියල් 388,939,085.00කි.

දිලිත් ජයවීර මහතා සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් 324,643,246.05ක මුදලක් වියදම් කර ඇත. එම මුදල් දිලිත් ජයවීර මහතා පෞද්ගලිකවම දරා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයේ දියුණුතම ජාතිය ලංකාවේ ඇති කිරීමේ අභියෝගය අපි භාරගත්තා අපිට එය කළ හැකියි : ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : මෙරට සමස්ත ආර්ථිකය සහ...

ඔසී තරුණියන්ට එරෙහිව පළාත් හයක සහ දිස්ත්‍රික් අටක නියෝජනයක් පෙළ ගැසෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ කාන්තා...

ශ්‍රී ලංකා වාහන වෙළඳපොළ මසකට සාපේක්ෂව 1.9% ක මධ්‍යස්ථ වැඩිවීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : 2025 අගෝස්තු මාසයේදී ,...

ගමට ක්‍රිකට් – රසට MeadowLea

සැප්තැම්බර් 30 වන දින ඇරඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...