යාල ඩිෆෙන්ඩර් සිද්ධිය: බිත්තර මුදලාලිලාගේ සල්ලිවලට වනජීවී නිලධාරීන් යටවුණාද? (VIDEO)

Date:

යාල වනෝද්‍යානයේ සංවේදී පරිසර කලාපය තුළ සිදුව තිබෙන නීති විරෝධී හැසිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද (26) පරිසර සංවිධාන වනජීවී දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් තවදුරටත් විමර්ශන සිදුකරමින් සිටින බවත් කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මීට වඩා සක්‍රීය විද්‍යාත්මක විමර්ශනයක් සිදුකළ යුතුව ඇති බවයි මෙහිදී පරිසරවේදී නයනක රන්වැල්ල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

අමනෝඥ ලෙස හැසිරුණ මෙම පිරිස සම්බන්ධයෙන් වනජීවී නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණොත් මීට වඩා විධිමත් විරෝධයක් පෑමට සිදුවන බවයි රන්වැල්ල මහතා සඳහන් කළේ.

මෙම පිරිස අතර මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ පුත්‍රයා ද සිටින බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් ඔවුන් වනජීවී නිලධාරීන්ගෙන විමසා ඇති අතර එහිදී නිලධාරීන් පවසා ඇත්තේ තවදුරටත් ඒ ගැන විමර්ශන සිදුකරන බවයි.

මේ අතර වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සිට දුරකථන දත්ත සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුව ඇති බවත් ඒ හරහා මෙම පිරිසට යම් අනුග්‍රහයක් ලැබී ඇත්ද යන්න හඳුනාගත හැකි බවයි ඔහු පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...