*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

සෙලාන් ටිකිරි’ වෙතින් දරුවන්ට නැවුම් අත්දැකීමක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ කීර්තිමත් ළමා ඉතුරුම් නාමයක් වන සෙලාන් ටිකිරි හා වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමය සමඟ එක්ව උඩවලව අලි අනාථාගාරයට චාරිකාවක් සංවිධානය කරනමින් තරුණ ගවේෂකයන් ඒ සඳහා ඇල්මක් ඇති කරවීම සහ මෙම සංචාරය ස්වභාවධර්මයට සහ වන සතුන්ට ආදරයක් ඇති කිරීම අරමුණු කර ගෙන සංවිධානය කර තිබීම විශේෂයකි.

වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමයෙහි කැපවීමෙන් තම සේවය කරනු ලබන පශු වෛද්‍යවරුන් විසින් දැනුවත් කරන ලද දේශනයකින් දිනය ආරම්භ වූ අතර, එයට සහභාගී වූ තරුණ දරු දැරියන්ට අලි සං‍රක්ෂණ නිවාසය පිළිබඳ මිල කළ නොහැකි දැනුමක් ලබා දීමට ගත් උත්සාහය ඉතා ප්‍රසංසනීයයි.

තරුණ ගවේෂකයින් පසුව පශු වෛද්‍ය මධ්‍යස්ථානය වෙත කැඳවාගෙන යන ලද අතර, එහිදී ඔවුන්ට ඉතා වැදගත් ප්‍රතිකාර ක්‍රම දෙකක් පිළිබඳ නිරීක්ෂණය කිරීමට සුවිශේෂී අවස්ථාවක් හිමි වූ අතර, මෙම විශිෂ්ඨ සතුන් ආරක්ෂා කිරීමට අවශ්‍ය රැකවරණය සහ කැපවීම පිළිබඳවත්, අලි පැටවුන්ට පෝෂණය කිරීම ඉතා සංවේදී අත්දැකීමක් බවත්, එය ළමයින්ට නව අත්දැකීමක් හා ක්‍රියාකාරකමක් ද විය. අලි සංරක්ෂණයේ වැදගත්කම අවධාරනය කරමින් සතුන් කෙරෙහි අනුකම්පාවක් ඇති කිරීම මෙම වැඩසටහනේ කැපී පෙනෙන අංගයකි.

කණ්ඩායම් එකමුතු කමින් සහ ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කරමින්, ළමයින් ප්‍රජා සේවා කාර්යයකට සහභාගී වූ අතර, රථගාල පිරිසිදු කිරීම, එමඟින් පාරිසරික රැකවරණය සහ කණ්ඩායම් වැඩ කිරීමේ වටිනාකම් ද පෙන්නුම් කළේය.

අලි ආරක්ෂිත් නිවාසයේ පශු වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩලය සහ ස්වේච්ඡා සේවකයන්ට උපහාර පිණිස ළමුන් විසින් සංවිධානය කරන ලද දහවල් තේ පැන් සංග්‍රහයකින් දිනය නිමාවට පත් විය.

අද පවත්නා ඩිජිටල් යුගය තුළ, පරිසර සංරක්ෂණයේ වැදගත්කම සහ පාරිසරික වගකීම අවධාරණය කරමින් මෙම විනෝද චාරිකාව දරුවන්ට සොබාදහම සමඟ සම්බන්ධ වීමට විශේෂ අවස්ථාවක් ලබා දුන්නේය.

කුඩා දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා වසර පුරා විවිධ ඉසව් සංවිධානය කිරීමට සෙලාන් ටිකිරි කැපවී සිටින අතර මෙම ක්‍රියාකාරකම් දරුවන් තුළ ධනාත්මක හැසිරීම් දිරිමත් කරනවා පමණක් නොව, ඔවුන්ගේ ජීවිත වලට වටිනා අත්දැකීම් ද ලබා දෙයි.

තම දරුවන්ගේ ගිණුම් සඳහා ආකර්ශණීය පොළියක් සහ තෑගි වවුචර දක්වා වාසි රැසක් තම දරුවන් වෙනුවෙන් ලබාඅගැනීමට කැමති දෙමාපියන් හට වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා ටිකිරි ගිණුමක් ආරම්භ කිරීමට ළඟම ඇති සෙලාන් බැංකු ශාඛාවට පැමිණීමෙන් හෝ 200 88 88 ඇමතීමෙන් තම අවශ්‍යතාව ඉටුකර ගැනීමට හැකි බව සෙලාන් බැංකුව දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan