*
Friday, April 26, 2024
spot_img

Latest Posts

අයථා වත්කම් නඩුවට විමල්ගෙන් මූලික විරෝධතාවක්

රුපියල් මිලියන 75 කට අධික දේපළ සහ මුදල් අයථා ලෙස ඉපයූ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විමල් වීරවංශ මහතා විසින් මූලික විරෝධතාවක් ගොනුකර තිබේ.

ඒ, එම නඩුව ඊයේ (26) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අල්ලස් පනත යටතේ මෙවැනි චෝදනාවක් ගොනු කළ හැක්කේ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට එය අදාළ නොවන බවත් ය. එහෙයින් මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවයි නීතීඥවරයා පැවසුවේ.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඒ අවස්ථාවේදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම මූලික විරෝධතාවට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව නඩුව නොවැම්බර් 28 වනදා යළි කැඳවන ලෙසත්, එදිනට ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙසත් මහාධිකරණය නියම කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan