යුද්ධය අවසන් වී වසර කිහිපයකට පසුව එහි සිටි ජනතාව නැවත පදිංචි වෙමින් සිටිනවා – සෙන්තිල් තොණ්ඩමන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): යුද්ධය අවසන් වී වසර කිහිපයකට පසුව නැගෙනහිර පළාතේ මයිලත්තමඩු – දිවුලපතාන ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව ක්‍රමක්‍රමයෙන් යළි එම ප්‍රදේශවල පදිංචි වීමට පටන් ගෙන තිබෙන බවත් , ඒ අනුව කෘෂිකාර්මික සහ කිරි ගොවීන් වෙනුවෙන් අදාළ ඉඩම් ලබාදීමට කටයුතු කළ බවත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා කියා සිටියේය.

මීට අමතරව රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචිව සිටින අයගේ ඉඩම් පවරා ගනිමින් ඔවුන් රජයේ ඉඩම්වල නීත්‍යානුකූලව පදිංචි කිරීමට ද මේ වන විට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෙන්තිල් තොණ්ඩමන් මහතා,

යුද්ධය අවසන් වී වසර කිහිපයකට පසුව නැගෙනහිර පළාතේ මයිලත්තමඩු – දිවුලපතාන ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව ක්‍රමක්‍රමයෙන් යළි එම ප්‍රදේශවල පදිංචි වීමට පටන් ගෙන තිබෙනවා. ඒ අනුව කෘෂිකාර්මික සහ කිරි ගොවීන් වෙනුවෙන් අදාළ ඉඩම් ලබාදීමට කටයුතු කළා.

මයිලත්තමඩු ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේදී පොළොන්නරුව සහ අම්පාර ප්‍රදේශවලින් විශාල පිරිසක් ගෙන්වාගෙන තිබෙනවා. ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු ආරක්ෂා කර ගැනීම සඳහා පිට දිස්ත්‍රික්කවල සිට පැමිණි ගොවීන්ට තාවකාලිකව දිරි දීමනා මුදලක් ලබාදීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.

අම්පාර සහ පොළොන්නරුව ප්‍රදේශවල ජනතාව ද මේ ප්‍රදේශවල ඉක්මනින් පදිංචි කිරීම පිළිබඳව ද සොයා බලමින්තිබෙනවා. එ‍සේම යුද්ධයට පෙර මයිලත්තමඩු – දිවුලපතාන ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව ඔවුන්ගේ ඉඩම්වල නැවත පදිංචි කිරීමේ කටයුතු ජනාධිපතිතුමාගේ උපදෙස් මත මහවැලි අමාත්‍යාංශය මගින් නීත්‍යානුකූලව කරගෙන යනු ලබනවා.

මීට අමතරව රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචිව සිටින අයගේ ඉඩම් පවරා ගනිමින් ඔවුන් රජයේ ඉඩම්වල නීත්‍යානුකූලව පදිංචි කිරීමට ද මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

ඒ සමඟම මහවැලි ව්‍යාපාරය සඳහා නැඟෙනහිර කෝරළයිපත්තු ප්‍රදේශයෙන් දෙමළ ජනතාව ද, නාවලඩි ප්‍රදේශයෙන් මුස්ලිම් ජනතාව ද ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන්නේ ජාති ආගම් මත පදනම්ව නොවන බවත් අවධාරණය කළ යුතුයි. එම කටයුතු මුළුමණින්ම සිදු කරන්නේ නීත්‍යානුකූල ආකාරයටයි. එමෙන්ම ඉඩම් බෙදාදීමේ කටයුතු සිදුකෙරෙන්නේ ද ග්‍රාම සේවක නිලධාරීන් ලබාදෙන දත්ත පදනම් කරගෙනයි.

එම සියලු කරුණු සැලකිල්ලට ගෙන සියලුම ජනවර්ග සඳහා ශ්‍රී ලාංකිකයෙකු ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. එම නිසා නැගෙනහිර පළාතේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධව තෙවැනි පාර්ශ්වයන් අනවශ්‍ය ලෙස අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ නොකරන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා”

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල්තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...