රට තුළ පවතින සහල් හා වී තොග ගැන වාර්තාවක් අද ජනපති අතට!

Date:

කොළඹ LNW:රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (28) භාරදීමට නියමිතයි.

සහල් නිෂ්පාදකයින් සතු තොග පිළිබඳ දත්ත රැස්කර කඩිනමින් තමාට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ඊයේ (27) දිනයේ ප්‍රකට ව්‍යාපාරිකයන් කිහිප දෙනකුට අයත් ප්‍රධාන සහල් මෝල් ඇතුළු මෙරට ඇති සුළු හා මධ්‍ය පරිමාණයේ හාල් මෝල්වල පවතින සහල් සහ වී තොග සංචිත පරික්ෂා කිරීමට කටයුතු කර තිබුණි.

පසුගිය 25 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශයේ හා වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ජාවක් පවත්වා තිබුණු අතර සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

අග්‍රමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි,කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන්, වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...