ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ රැලියට සමගි ජන බලවේගය නෑ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක් එක්ව නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැලියට සමගි ජන බලවේගය සහභාගී නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

“සමගි ජන බලවේගය සහභාගී වෙන්නෙ නෑ ඒකට. ඒ අපේ දේශපාලනය. අපි අපේ දේශපාලනය, අපේ ප්‍රතිපත්තියක අපි යන්නේ. ඔක්කොම මාධ්‍යයට කිය කියා කරන්නෙ නැහැනෙ”

එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

ඊයේ රාත්‍රියේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සම්මුඛ සාකච්ඡාවකට එක්වූ සබජ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ද මේ බව තහවුරු කළේය.

ප්‍රශ්නය – 100%ක් ස්ථිරයිද මේකට සම්බන්ධ වෙන්නෙ නෑ කියලා ?

“අපි සාකච්ඡා කළා, ඒ සංවිධාන කමිටුවෙත් මම ඉන්නවා. ඒකට අපි සම්බන්ධ වෙන්නෙ නෑ. හැබැයි අනෙකුත් කටයුතුවලට අපි සම්බන්ධ වෙනවා අනිවාර්යයෙන්ම”

ප්‍රශ්නය – එතන තියෙන්නෙ අනන්‍යතා ප්‍රශ්නයක්ද ? වෙන වෙන පොඩි දේශපාලන පක්ෂ එකතු වුණාම ….

“නෑ. එතන තියෙන්නෙ දේශපාලන රැස්වීමක් නෙ. ඒ දේශපාලන රැස්වීමේදී අපි ඉඳගෙන හිටියොත් එතන කෙරෙන සියලු කතාවලට අපිටත් එකතුවක් වෙන්න සිදුවෙනවානෙ. දේශපාලන වශයෙන් අපි එකතුවෙලා නෑ. මේක ඉතා පැහැදිලිව කිවයුතුයි”

ප්‍රශ්නය – පක්ෂය තුළ මත දෙකක් තියෙනවාද ? සමහරු කියනවා නේද මේකට ගියොත් හොඳයි කියලා ?

“නෑ ඉතින්, පක්ෂයේ මත ගොඩාක් තියෙනවා. එක එක මත තියෙනවා. අන්තිම තීන්දුව තමයි අපි මේ රැස්වීමට සම්බන්ධ වෙන්නෙ නෑ, හැබැයි අනෙකුත් සංවිධාන කටයුතුවලට අපි සම්බන්ධ විය යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා. පක්ෂයේ අපි තීන්දු කරනවා කොයි වෙලාවෙද කියන එක – සමහරවිට ඔය වගේ වේදිකාවකට අපි නගින්නත් පුළුවන් තව මාස හයකින්, හතරකින්. දන්නෙ නෑ. අපි කොහොමහරි ඔවුන්ට සහාය ලබාදෙනවා, අවශ්ය අවස්ථාවල එකතු වෙනවා, ආණ්ඩුවේ නීතිවිරෝධී ත්‍රස්තවාදයට විරුද්ධව හැමවෙලේම අපි කිසිම කොන්දේසියකින් තොරව එකතු වෙනවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ගැන නව ආයෝජන බලාපොරොත්තුවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : නාගරික සංවර්ධන අධිකාරියට...

ගොවි ජනතාව වෙනුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : ශ්‍රී ලංකා මගවැලි...

ඇමරිකාව සහ ඉරානය අතර පවතින වත්මන් යුධමය උණුසුම කෙබඳුද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

පියතුමාට පහරදුන් පොලීසියේ හය දෙනාගේ වැඩ තහනම්!

කොළඹ LNW:කතෝලික පියතුමෙකුට පහරදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර...