සටහන – රුවන් නෙළුගොල්ල
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය (PRRS) සඳහා අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසිනි.
අදාළ රෝග ආසාධිත හා අවදානම් ප්‍රදේශයට සීමා කිරීමටත් පැතිරීමට ඇති ඉඩ වැළැක්වීමටත් එම ගැසට් නිවේදනය හරහා නියෝග නිකුත් කර ඇත.