රනිල්ගේ ලණුව කාලා රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන්න නම් එපා. රට වැටෙනවා – දිළුම්

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලණුව කා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ගියහොත් රට නැවත බංකොලොත් වන බව හිටපු රාජ්‍ය ඇමති දිළුම් අමුණුගම මහතා පවසයි.

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ප්‍රමාණවත් මුදල් මහාභාණ්ඩාගාරය සතුව නොමැති බවයි දිලුම් අමුණුගම මහතා පවසන්නේ.

ඒ අනුව හිටපු පාලකයින් රට ආර්ථික වශයෙන් වට්ටවා බලය ලබා ගැනීමේ ක්‍රියා මාර්ගයෙන් ඉවත් විය යුතු බවයි අමුණුගම මහතා සඳහන් කරන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුළ ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද විමසීමට දිනකට පෙර කැබිනට් තීරණයක් මඟින් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකරන බව ප්‍රකාශ කළේය.

නමුත් ජනාධිපතිවරණයෙන් ජයගැනීමට වික්‍රමසිංහ මහතාට නොහැකි වූ අතර මෑතකදී ඔහු පැවසුවේ රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට අදාළව තමන් මුදල් වෙන් කර තිබුණු බවයි.

ඒ අනුව වෘත්තීය සමිති නායකයින් කැඳවා වික්‍රමසිංහ මහතා පැවසුවේ එම වැටුප් වැඩිවීම වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ලෙසයි.

එහෙත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයා පවසන්නේ අසත්‍යක් වන අතර ඔහු පවසන පරිදි මුදල් වෙන්කිරීමක් සිදුකර නොමැති බවයි.

කෙසේවෙතත් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳව රජය අවධානය යොමුකර තිබෙන බවද ජනාධිපතිවරයා පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...