එදා වේල ටුවර්ස් වැඩවලට අපි බය නෑ. NPP කියන්නේ යෝධ පවුරක් – නි. ඇමති වටගල

Date:

කොළඹ LNW: විපක්ෂයේ එදා වේල ටුවර්ස් වැඩවලට ආණ්ඩුව බය නොවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

විපක්ෂයේ එකතු වෙලා ඉන්න පිරිස්වලින් මහාධිකරණ නඩුවක්, අධි චෝදනාවක් නැති කෙනෙක් හොයා ගත නොහැකි අතර ඔවුන් ගොඩනගා ගෙන ඇත්තේ දංගෙඩියට යාමෙන් මුදවා ගැනීමේ පෙරමුණ බවයි වටගල මහතා සඳහන් කරන්නේ.

”මට කියන්න අධි චෝදනාවක් නැති, හයිකොට් එකේ නඩුවක් නැති කෙනෙක් එතන ඉන්නවද. ඒ එකතු වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද දංගෙඩියට යාමෙන් මුදවා ගැනීමේ පෙරමුණ. දයාසිරි ජයසේකර කිව්වා කෙළින්ම සිරිකොතේ රැස්වීමක් කැඳවල අපි දැන් අඩුම තරමින් එකතු වෙන්න ඕනා ඒගොල්ලෝ දංගෙඩියට දැක්කා ගෙන යාමේ වැඩෙන් මුදාගන්න කියල. ඒ නිසා ඇටෝර්නි බලපත්‍රයේ ඉඳලා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බඩඉරිඟුවේ ඉඳලා, බෙදා දෙන්න තිබුණ සහනාධාර ටික ගසා කාපු මිනිස්සු නුගේගොඩ රැස්වීමක් කරන්න යනවා. ඒ නිසා අපි බය වෙන්නේ නැහැ. යෝධ පවුරක් ජාතික ජන බලවේගය කියල කියන්නේ. අද වෙනකොට එකම දුෂිත ක්‍රියාවක් අපිට එරෙහිව කියා ගන්න බැරිවෙලා තියෙනවා. ඒගොල්ලෝ නන්දොඩවමින් ඉන්නේ. අපි බය වෙන්නේ නෑ. ඔය කට්ටිය එකතු වුණේ කොළඹ නගර සභා මැතිවරණයේදීනෙ. ඒත් පරදයිනේ. ඊට පස්සේ සිරිකොතට කැදෙව්වා. කෝ ඉස්සුනාද වැඩේ. සමඟි ජන බලවේගය ඇවිල්ලත් නෑ. ඕවා ඉස්සෙන්නේ නෑ. එදා වෙලා ටුවර්ස්. පැය 24යි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...