ඩොලර් හොයන්න නම් සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් වැඩ කළ යුතුයි – අගමැති

Date:

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථකත්වයට ආණ්ඩුකාරවරුන් හා පළාත් සභා නිලධාරීන්ගේත්, හිටපු මහජන නියෝජිතයින්ගේ සෘජු දායකත්වය අවශ්‍ය බව අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ග්‍රාමීය ආර්ථීක පුනර්ජීවනය හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සම්බන්ධයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේ දී පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

විවිධ සංවිධාන හා ආගමික නායකයන් මෙම වැඩපිළිවෙළ හා සම්බන්ධ වී සිටි.

ග්‍රාමීය මට්ටමට ගොවිජන සේවා බලතල යොමු කිරීම පළාත් ආණ්ඩුකාරවරුන්ට පැවරෙන ප්‍රධාන වගකීමකි. වැඩසටහන ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන ආකාරය සම්බන්ධයෙන් කෘෂි, පශු, සෞඛ්‍ය, අධ්‍යාපන අංශවල සැබෑ තොරතුරු ඇතුළත් වාර්තාවක් සතිපතා අවශ්‍යයි.

ආණ්ඩුකාරවරු යටතේ පවතින සමුපකාර සමිතිවල සම්පත් හා නියෝජිතයින්ගේ සහාය මෙම වැඩසටහන සඳහා එක් කරගැනීමේ හැකියාව පවතී.

ග්‍රාමීයව ජනතාවගේ ආදායම් මාර්ග වැඩිකර ගැනිමටත් මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරෙයි.

ඒ ඒ පළාත්වලට ආවේණික කෘෂි අපනයන බෝග නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.

ඒ තුළින් මෙරට අපනයන ආදායම ඉහළ නංවාලීම අපේක්ෂා කෙරේ.

එවැනි භෝග නිෂ්පාදනයේදී ගොවි ජනතාවට සහන ලබාදීමට රජය දැනටමත් පියවර ගනිමින් සිටී.

පළාත් මට්ටමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති අතර සෑම පළාතකම සංචාරක ගමනාන්ත සංවර්ධනය කිරීමටත්, සංචාරක කවුළු විවෘත කිරීමටත් පියවර ගත යුතුය.

මේ වනවිට ගුවන් සමාගම් රැසක් මෙරට ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් වී ඇති හෙයින් විදේශ ආදායම් වැඩිකර ගැනීමට සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ.

සෑම ක්ෂේත්‍රයක්ම ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක් ඔස්සේ කටයුතු කිරීම මඟින් වැඩි ප්‍රතිලාභ ලබාගත හැකි වන බැවින් මේ සඳහා පෞද්ගලික අංශයේ සහය ලබා ගැනීම ද වැදගත් ය.

ජාතික මට්ටමින් ආර්ථිකය නංවාලීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මඟින් ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත හැකි ආර්ථික ක්‍රියාවලියකට දැනටමත් රට අවතීර්ණ වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාරවරුන් සහ පළාත් ලේකම්වරුන් මෙන්ම අග්‍රමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ යන මහත්වරු ද එක් වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...