ප්‍රහසන කලාවේ ඔටුන්නක් කඩා වැටෙයි: ‘කිංග් ඔෆ් සාර්කැස්ම්’ හෙවත් ෆ්‍රෙන්ඩ්ස් හි චැන්ඩ්ලර් දිවිසැරිය නිමාකරයි!

Date:

ඉසුරු පරාක්‍රම

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2023 ඔක්තෝබර් 29 වන දිනය ආරම්භ කිරීමට සිදුවන්නේ සිට්කොම් රසිකයන්ට ඉතා ඛේදනීය පුවතක් සමඟිනි.

එක්සත් ජනපදයේ මෙන්ම ලොව පුරා වැඩිපුරම ජනාදරයට පාත්‍ර වූ සිට්කොම් ප්‍රහසන කතාමාලාවක් වූ ෆ්‍රෙන්ඩ්ස් (F.R.I.E.N.D.S) හි මිතුරන් සය දෙනාගෙන් එක් අයකු සදහටම අප අතරින් සමු ගැනීම ඊට හේතුවයි.

ෆ්‍රෙන්ඩ්ස් කතා මාලාවේ චැන්ඩ්ලර් බිංග් ගේ චරිතයට පණ පෙවූ මැතිව් පෙරී අද (29) දින අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මිය යන විට ඒ මහතා 54 වන වියේ පසුවිය.

ඔහු මරණයට පත්ව තිබෙන්නේ සිය ලොස් ඇන්ජලිස් නිවසේදී දියේ ගිලීමකින් බවට සඳහන්.

ඔහුගේ මරණය පිළිබඳ සැක සහිත තොරතුරක් මෙතෙක් වාර්තා නොවන මුත්, ඒ පිළිබඳව විමර්ශන සිදුවන බව ද වාර්තා වේ.

කිංග් ඔෆ් සාර්කැස්ම් හෙවත් ප්‍රහසනයේ රජු යන අන්වර්ත නාමයෙන් හැඳින්වූ මැතිව් පෙරී ඔහුගේ ව්‍යංගය මුසු ප්‍රහසන කලාව නිසා පුංචි තිරයේ අතිශයින් අවධානය දිනා ගත්තේය.

සිට්කොම් කතාමාලාවක් වන ෆ්‍රෙන්ඩ්ස් 1994 සිට 2004 දක්වා කතා පරිච්ඡේද 10 ක් දක්වා දිව ගිය අතර, ජෙනිෆර් ඇනිස්ටන්, ඩේවිඩ් ෂ්ව්‍රිමර්, මැට් ලබ්ලාන්ක්, ලීසා කුඩ්‍රෝ සහ කෝර්ට්නි කොක්ස් සමඟ අද්විතීය මිතුදමක් සහ සිනා සාගරයක් පුරා දශකයක කාලයක් රසික ජනතාවට රැගෙන ඒමට මැතිව් ෆ්‍රෙන්ඩ්ස් හරහා සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...