මෙරට මරණ අනුපාතය ඉහළට – උපත්වල ක්‍රමික අඩුවීමක්! හේතුව කොවිඩ් ද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය වසර දෙකක කාලය තුළ සිදුකළ සොයාබැලීම් වලට අනුව, මෙරට තුළ සිදුවන මරණවල ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව 2012 වසරේ ජුලි සිට 2013 වසරේ ජුනි දක්වා මෙරට තුළ ලියාපදිංචි මරණ සංඛ්‍යාව 125,626ක් ලෙස වාර්තා වී ඇත.

නමුත්, 2022 වර්ෂයේ ජුනි මාසයේ සිට 2023 වර්ෂයේ ජුනි මාසය දක්වා මෙරට තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 190,600ක් බව වාර්තා වී ඇත.

2022 වර්ෂයට වඩා 2023 වර්ෂයේ දී මෙරට මධ්‍ය වාර්ෂික ජනගහණය 144,345ක් දක්වා අඩුවී ඇති බවද එම වාර්තා පෙන්වාදෙයි.

ඒ අනුව උපත්වල ක්‍රමික අඩුවීමක් පෙන්නුම් කරන අතර මරණවල ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නමුත්, මෙම මරණවල ක්‍රමික ඉහළ යාමට හේතුව නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර , මෙරට තුළ පැවැති කොවිඩ් ව්‍යාප්තියෙන් පසුව මෙම තත්ත්වය ඉහළ යාමක් දක්නට ලැබෙන බවද පෙන්වා දෙයි.

කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව තුළ විවිධ මත පැවතිය ද ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු මේ දක්වාත් වාර්තා වී නොමැත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ, ලෝකයේ සාමාන්‍ය වාර්ෂික මරණ සංඛ්‍යාවෙන් සියයට 15 සිට සියයට 45 දක්වා අතර ප්‍රතිශතයකින් ඉහළ යාම මේ වන විට දක්නට ලැබෙන ප්‍රවණතාවක් බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...