අයි.සී.සී දූෂණ විරෝධී ඒකකයේ මීළඟ ස්වාධීන සභාපති තනතුර සුමතිට!

අයි.සී.සී ය විසින් 30 වැනිදා නිවේදනය කර සිටියේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී) දූෂණ විරෝධී ඒකකයේ මීළඟ ස්වාධීන සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරනු ලබන සුමති ධර්මවර්ධන පත්කරන බව ය.

මෙම නව පත්කිරීම සිදුකර තිබෙන්නේ, වසර 14ක් එම තනතුරේ කටයුතු කළ ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් මහතා අද (31) සිට විශ්‍රාම යන බැවිනි.

හෙට (1 වැනිදා) සිට, සුමති ධර්මවර්ධන සිය නව තනතුරේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතව ඇත.

ජනාධිපති නීතිඥයකු වන සුමති මහතා ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු වන අතර විවිධ නීතිමය කටයුතු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළුව ශ්‍රී ලංකා රජය නියෝජනය කර තිබේ.

තවද, ජාත්‍යන්තර පොලිසිය සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමග ක්‍රීඩාවේ දූෂණ විමර්ශනය කිරීම මෙන්ම ක්‍රීඩා පනතට අදාළ වැරදි වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සහ නඩු පැවරීම් කිහිපයක් අධීක්‍ෂණය කර ඇති ඔහුට අනෙකුත් ගෝලීය ක්‍රීඩා සංවිධාන සමග සාකච්ඡා වෙනුවෙන් ද ශ්‍රී ලංකා රජය නියෝජනය කර අත්දැකීම් ඇති බව සඳහන් වේ.

අයි. සී. සී. දූෂණ විරෝධී ඒකකයේ ස්වාධීන සභාපතිවරයාගේ වගකීම වනුයේ, එම ඒකකය අධීක්‍ෂණය කිරීම සහ මෙහෙයවීම සමගින් දූෂණයට එරෙහිව ක්‍රීඩාව ආරක්ෂා කිරීමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...