රජය රු. බිලියන 49.3 ක ව්‍යාපෘති ප්‍රගතිය සඟවලා!

Date:

කොළඹ LNW: මේ වසරට අදාළව ගත් විට අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී විනිවිදභාවයක් දක්නට නොලැබීම තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය අවධාරණය කර තිබේ.

ඔවුන් පවසන්නේ අයවැය යෝජනාවලින් 70% ක ප්‍රගතිය තක්සේරු කිරීම සදහා රජය අවශ්‍ය තොරතුරු ලබා නොදුන් බවයි.

2017 සිට 2021 දක්වා කාලය ගත් විට රජය තොරතුරු ලබා දී නොතිබුණේ අයවැය යෝජනාවලින් 45% ක ප්‍රගති සමාලෝචනයට අදාලව පමණක් වන නමුත් මේ වන විට තත්ත්වය නරක අතට හැරී ඇති බව ඔවුන් පෙන්වාදෙයි.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදැක්වීම මෙන්ම අදාල තොරතුරු මාර්ගගත පද්ධතියකට එකතු නොකිරීම යන දෙයාකාරයටම රජය අවශ්‍ය තොරතුරු ලබා දීම මගහැර තිබේ.

ජනාධිපතිවරයා විසින් අවසන් වරට ඉදිරිපත් කර තිබෙන අයවැය යෝජනා මාලාවේ ප්‍රධානතම යෝජනා 25 ගත් විට එම 25 න් 68% ක ප්‍රගති සමාලෝචනයකට අවශ්‍ය තොරතුරු ලබා ගත නොහැකි බවත් ප්‍රගතිය සමාලෝචනය කිරීම සදහා අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි වූයේ එකී ප්‍රධාන ව්‍යාපෘති විසි පහෙන් 32% ක පමණක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කරයි.

එම තොරතුරු අනුවද නිසි පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මක වී ඇත්තේ 8% ක ප්‍රතිශතයක පමණක් බව සඳහන්. 24% කට අදාලාව ගත්විට දුර්වල ප්‍රගතියක් පෙන්නුම් කරන බවද වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

වෙරිටේ රිසර්ච් විසින් සමාලෝචනය කිරීම සදහා තෝරා ගන්නා ලද ප්‍රධාන ව්‍යාපෘති 25 වටිනාකම රුපියල් බිලියන 49.3 ක් වන අතර ප්‍රගතිය නොදන්නා ව්‍යාපෘතිවල වටිනාකම මෙම රුපියල් බිලියන 49.3 න් 97% ක් බවත් එනම් රුපියල් බිලියන 47.7 ක වටිනාකමින් යුතු ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ හැකියාවක් නැති බවත් සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...