අද (01) දවසේ වැසි තත්වය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (නොවැම්බර් 01) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වර්ධනයක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 18) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...