සැකකාර වෙඩික්කරුවකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ (LNW):

පසුගිය දා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කනත්ත ඉදිරිපිට ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු හැඳල, වත්තල ප්‍රදේශයේ පදිවිකරුවෙක් වන අතර, සැකකරු වයස අවුරුදු 31 ක් වන අයෙකි. පසුගිය ඔක්තෝබර් මස 16 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත ඉදිරිපිට දී ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ඒ සම්බන්ධව විමර්ශන ආරම්භ කර තිබුණි.

මෙම වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි කාර් රථයේ රියදුරුව සිටි වයස අවුරුදු 35ක්වූ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලීස් ස්ථානය මඟින් ඔක්තෝබර් මස 28 වන දින අත්අඩංගුවට ගෙන තිබෙන අතර, අපරාධය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැඩිදුරටත් විමර්ශනය සිදුකර වෙඩිතැබීම සිදුකරන ලද බවට සැකකරන පුද්ගලයා ඊයේ සවස වත්තල ප්‍රදේශයේදී ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථන දෙකක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර, මෙම සැකකරු විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවටත් එම පුද්ගලයාගේ මෙහෙයවීම මත මෙම අපරාධය සිදුකර ඇති බවටත් අනාවරණය වී තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එදවස සොඳුරුමය එතරම්….

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : පොතක වරුණ.. එදවස සොඳුරුමය 7...

එක තැන පල්වෙන දුම්රිය නිලධාරීන්ට ඇමතිගෙන් යස පාඩමක්. අවසාන වොර්නින් එකත් දෙයි!

කොළඹ LNW:මගී ජනතාව වෙනුවෙන් දුම්රිය සේවය නිසි පරිදි ලබා...

ලෝක කුසලානය පෙනි පෙනී අතපත්තු අත්පත් කර ගත් ජය

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: කැරිබියන් කාන්තා ප්‍රිමියර් ලීග් සූරතාවලියේ ජයග්‍රහණය...