අපේ ආණ්ඩුව සල්ලි අච්චු ගැහුවා නම් අනුරගේ අත්සන තියෙන නෝට්ටුවක් පෙන්වන්න – ටිල්වින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කිසිදු මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර නොමැති අතර කිසිදු ණයක් ද ලබාගෙන නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“මේ මාලිමාවේ ආණ්ඩුව, අලුත් ආණ්ඩුව ණය ගන්නවා, ගන්නවා, අරගෙන අලුතින් ගොඩාක් සල්ලි අච්චු ගහලා කියලා බොරුවක් කියනවා. අපට අලුතින් තව නෝට්ටු ටිකක් ගැහුවා නම් අන්න ඒ නෝට්ටු ටිකේ මහබැංකු අධිපති ලෙස නන්දලාල් වීරසිංහ අත්සන් කරලා තියෙන්න ඕනෙ, මුදල් ඇමති හැටියට අනුර දිසානායක අත්සන් කරන්න ඕනෙ. එයා තමයි මුදල් ඇමති. දැන් එහෙම නෝට්ටුවක් හම්බෙලා තියෙනවාද ඕගොල්ලො කාටහරි ? තියෙන කෙනෙක් පොඩ්ඩක් පෙන්වන්න, ආසයි බලන්න. නෑ ! මේ පට්ටපල් බොරු. අපි සල්ලි අච්චු ගහලා නෑ. අපේ ආණ්ඩුව සත පහක්වත් ණය අරගෙනත් නෑ. මහබැංකුව හැමවිටම තමන්ගෙ අවශ්‍යතාවන් සඳහා මුදල් ගන්නවා නිතර නිතර ණයට බැඳුම්කරවලින් සහ භාණ්ඩාගාර බිල්පත්වලින්. මේ මාසෙ පියෙව්වොත් එහෙම ආයෙ අලුතින් ගන්නවා. හැමදාම වෙන එකක් ඒක. ආණ්ඩුවක් තිබ්බත් නැතත් කෙරෙනවා”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 01) පැවති ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳ තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10,කොළඹ LNW : බදුල්ල ශික්ෂණ රෝහලේ දැනට...

පළමු ආසියානු පිරිමි නෙට්බෝල් කිරුළ හොංකොං ට- ශ්‍රී ලංකාව සහභාගි වන්නේත් නැත

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: බොහෝ වෙලාවට වත්මන් නෙට්බෝල්...

කයිවාරුවලින් වැඩක් නැහැ පුළුවන් නම් පළාත් සභා ජන්දය තියන්න!

කොළඹ LNW:ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ ආකාරයටම හැකි නම් පළාත්...

ආසියානු නැගී එන්නියන්ගේ තරගාවලියේ නායකත්වය අනුෂ්කාට උප නායිකාව හංසිමා

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: පෙබරවාරි 11 වන දා...