ලොහාන්ගේ බිරිඳත් රිමාන්ඩ්!

Date:

කොළඹ LNW:හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මිය ලබන 07 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල අධිකරණය නියෝග කර තිබේ.

ඇයව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතවන්නේ අංක තහඩු නොමැති මෝටර් රථයක් මිරිහානේ පිහිටි ඇයගේ නිවසින් සොයා ගැනීමේ සිද්ධියට අදාළවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී මිරිහාන පොලීසියට හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ඇයට දැනුම් දීම් සිදුකර තිබූ අතර ඒ අනුව ඇය අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් රත්වත්තේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායිකාව වාහන සිද්ධියට කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.

එහෙත් අධිකරණය කරුණු ප්‍රතික්ෂේප කරමින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණ ලොහාන් රත්වත්තේ මහතා අසනීප තත්ත්වය හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...