වඳුරු උණ ( Monkeypox) ශ්‍රී ලංකාවට !!

Date:

ශ්‍රී ලංකාවේ පළමු වරට මංකිපොක්ස් රෝගය වැලඳුණු පළමු ආසාදිතයකු හමුවී ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට ලැබෙන තොරතුරු අනුව ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20 ක පමණ තරුණයකු මෙලෙස හඳුනාගෙන ඇත. ඔහු මේ වනවිට අංගොඩ උණ රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත.

විශේෂයෙන්ම පසුගිය අප්‍රේල් , මැයි යන මාස වල ලෝකය පුරාම මෙම වඳුරු උණ රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අවස්ථාවේ දී මෙරට සෞඛ්‍යය අංශය විසින් ජනතාව වෙත දුන් ප්‍රධාන උපදේශය සහ අනතුරු ඇඟවීම වූයේ, ලංකාවේ පළමු රෝගියා හමුවීමට ගතවන කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බවත් ඉන්පසු පැතිර යාමට ඇති ඉඩකඩ ඉතා වැඩි බවත්‍ යනුවෙනි . ඒ පැවසූ ආකාරයෙන්ම මාස කිහිපයක් හෝ ගතව මේ අවස්ථාව වනවිට ලංකාවෙන් පළමු රෝගියා හමුවී ඇත.

මෙහිදී සෞඛ්‍ය අංශ විශේෂයෙන්ම දැනුම් දී සිටින්නේ, ගුවන්තොටුපොළ බළධාරීන්ටද උපදෙස් දෙනු ලබන්නේ මෙම ගුවන් තොටුපොළ ආශ්‍රිතව සහ රට තුළට ඇතුළු වන කටයුතු වැනි දෑ සූක්ෂම නිරීක්ෂණ කටයුතු වඩා ශක්තිමත් විය යුතු බවය.

මේ අතර සෞඛ්‍යය අංශ ජනතාවගෙන් ද ඉල්ලා සිටින්නේ අනවශ්‍ය කලබලයකින් තොරව අවශ්‍ය තොරතුරු සහ රෝගය පිළිබඳ නිසි අවබෝධයෙන් කටයුතු කරන ලෙසයි. මන්ද මෙය සතකුගෙන් මිනිසාට වැලඳුණු වෛරස් රෝගයක් බවත්, ඉන්පසු මිනිසුන් හරහා මිනිසුන් අතර ව්‍යාප්ත වියහැකි රෝගයක් වන බවත් ය..

පසුගිය දින කීපය එනම්, සති දෙකක් හෝ මාසයක් වැනි කාලයක් තුළ විදේශ රටක සිට පැමිණි අයකු නම් යම් ආකාරයෙන් උණ වැළඳී සහ මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ සම මතුපිට තුවාල හටගැනීමක් තම අත්ල, යටිපතුල් , මුඛය, වැනි ස්ථාන වල ඇති වී ඇත් නම් , ලිංගික අවයව ආශ්‍රිත මෙම තුවාල හට ගන්නේ නම් , මෙය වඳුරු උණ ලෙස සෞඛ්‍යය අංශ සැක පලකරනු ලබයි. එබැවින් එවැනි තත්ත්වයක් නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීමට නොපමාව යොමුවන ලෙස සෞඛ්‍යය අංශ ජනතාවට දැනුම් දෙයි.

මෙහි දී රෝගය බෝ වීම සිදුවනුයේ , දැනට මෙම රෝගය පිළිබඳ තොරතුරු අනුව, රෝගය තුළින් මතුවන තුවාල කබළු ආශ්‍රිතව ඇතිවන ශ්‍රාවයන් ඍජු ලෙස ස්පර්ශ වීමෙන් රෝගය බෝවන බවයි. එබැවින් රෝග ලක්ෂණ දැනට මතුව ඇත්නම් ඒ සඳහා සම්පූර්ණයෙන්ම පරීක්ෂණ සිදුකර රෝගය සුවවන තුරු ලිංගික ක්‍රියාකාරකම් සහ සිප වැළඳගැනීම්, මුහුණට මුහුණ ලංව කරන ඍජු කටයුතු වලින් වැලකීම අත්‍යාවශ්‍ය බවමේ වනවිට ලෝකය පුරාම නිර්දේශිත වී ඇත.

කෙසේ හෝ මෙම වසංගතය පැතිරී යාමට නොදී රෝගයෙන් වැළකී සිටීමට වගබලා ගැනීම ශ්‍රී ලාංකික සියලු ජනතාවගේ සාමූහික වගකීමක් වේ.

රෂිකා සඳමාලි හෙන්නායක
2022.11.04

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාස ගණනක් සැඟව සිටි වෙනිසියුලානු නොබෙල් ජයග්‍රාහකයා ඔස්ලෝහිදී මතුවේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 11: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ජනපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට හැකි බව අප විශ්වාස කරනවා – Allison Hooker

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට...

රජයේ බදු සහන පිළිබඳ නවතම විශ්ලේෂණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : 2025 වසරේ මුල්...

සුව සේවාව කාර්‍යක්ෂම කිරීමට නව වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලවල...