හිස්බුල්ලාගේ බැටිකලෝ කැම්පස් වැඩ අරඹයි!

Date:

කොළඹ LNW: බැටිකලෝ කැම්පස්, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලය සමඟ එක්ව අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව දෙස් විදෙස් සිසුන් සඳහා එළඹෙන ජනවාරි මාසයේ සිට අධ්‍යයන කටයුතු ආරම්භ වනු ඇති.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමාන්,හිටපු අමාත්‍ය බැටිකලෝ කැම්පස් හි නිර්මාතෘ ආචාර්ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එහි සමාරම්භය සිදුකර තිබුණි.

ඊට ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උපකුලපති,බැටිකලෝ කැම්පස් හි උපකුලපති සහ සභාපති ඇතුළු ආචාර්ය මහාචාර්යවරු මෙන්ම රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් ද එක්ව ඇත.

පාස්කු ප්‍රහාරයෙන් පසුව යුද හමුදා භාරයට ගැනුණු හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා වෙත ඔහු විසින් ගොඩනගන ලද මඩකලපුව විශ්ව විද්‍යාලය නැවත ඔහු වෙත පසුගිය සැප්තැම්බරයේදී භාර දුන්නේය.

මෙලෙස එම විශ්ව විද්‍යාලය යළි හිස්බුල්ලා මහතා වෙත ලබා දී තිබුණේ ඔහු විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවය.

පාස්කු ප්‍රහාරය එල්ල කල ත්‍රස්තවාදීන් සමග හෝ ආගමික අන්තවාදය සමග විශ්ව විද්‍යාලයට සම්බන්ධයක් නැති බව විමර්ශන වලදී තහවුරු වීම ද ඊට හේතුවක් වී තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...