ප්‍රධාන අපරාධයකට සැක පිට අත්අඩංගුවේ සිටි සැකකරුවන් පිරිසක් ගැන තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ (LNW):

විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව , ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාස රැඳවුම් භාරයේ සිටි සැකකරුවන් සිව් දෙනෙකු මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද(07) නියෝග කළ බව සඳහන් වේ.

ආරක්ෂක ලේකම්වරයා වෙත පැවරී ඇති බලතල අනූව , ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් සිව්දෙනාගෙන් දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ බව විමර්ශන නිලධාරීන් පෙන්වා දී ඇති බව පැවසේ.

නමුත්, ඔවුන් සිද්ධියට සම්බන්ධ නොමැති බවට කරුණු අනාවරණය වන බැවින් මුදාහැරීමේ නියෝගයක් දෙන්නැයි විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඇන්ටන් සුදර්ශන ,හර්මන් ගීතන් මෝසස් ,අර්නස් රාජ් හා තෝමස් ගොඩ් කොන්ට් යන සැකකරුවන් එලෙස මුදාහැරීමට නියෝග කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...