ප්‍රංශ සවාරිය ප්‍රංශයට පමණයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

නොවැම්බර් 08, (LNW) කොළඹ:ලෝකයේ විශිෂඨතම පාපැදි සූරයන්ගේ සිහින අතර ඉහළින්ම තිබෙන ප්‍රංශ පාපැදි සවාරියේ ගමන් මඟ මෙවර ප්‍රංශය ඇතුළතට පමණක් සීමා වෙන බව වාර්තා වෙනවා.යුරෝපයේ තවත් රටවල් ස්පර්ශ කරමින් ගමන් ගත් ප්‍රංශ සවාරිය මෙවර ප්‍රංශය ඇතුළතට සීමා කරන්න සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

මේ අනුව සවාරියේ තරග නිම කරන සථාන සහ ආරම්භ කරන ස්ථාන ලෙස නව නගර 8 ක් නම් කරන්නද පියවර ගෙන තිබෙනවා.
Lauwin-Planque (අදියර 2 ආරම්භය)
Bayeux (6 අදියරේ ආරම්භය)
Chinon (9 අදියරේ ආරම්භය)
Ennezat (10 අදියරේ ආරම්භය)
Le Mont-Dore Puy de Sancy (10 අදියරේ නිමාව)
Bollène (අදියර 17 ආරම්භය)
Vif (අදියර 18 ආරම්භය)
Mantes-la-Ville (21 අදියරේ ආරම්භය)

තැනිතලා මාර්ග 7 ක් සහ කඳුකර මාර්ග 6 ක් ඇතුළත වෙන මෙවර සවාරියේ කඳු ඉහළ නිමා කිරීම් පහක්ම ඇතුළත් කර තිබෙනවා. අදියර 21 ක් ඇත:
පැතලි වේදිකා 7 ක්, කඳුකර වේදිකා 6 ක්, Hautacam, Luchon-Superbagnères, Mont Ventoux, Courchevel Col de la Loze සහ La Plagne Tarentaise යන ස්ථාන එම කඳු ඉහළ තරග නිමා කිරීම් ස්ථානයි.අදියර 21 ක් ඇතුළත වන මෙවර ප්‍රංශ සවාරියේ තරගකරුවන්ට තරණය කරන්නට හමුවන උස්ම ස්ථානය මීටර් 2 304 ක් උසැති Col de la Loze නම් කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...