ප්‍රංශ සවාරිය ප්‍රංශයට පමණයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

නොවැම්බර් 08, (LNW) කොළඹ:ලෝකයේ විශිෂඨතම පාපැදි සූරයන්ගේ සිහින අතර ඉහළින්ම තිබෙන ප්‍රංශ පාපැදි සවාරියේ ගමන් මඟ මෙවර ප්‍රංශය ඇතුළතට පමණක් සීමා වෙන බව වාර්තා වෙනවා.යුරෝපයේ තවත් රටවල් ස්පර්ශ කරමින් ගමන් ගත් ප්‍රංශ සවාරිය මෙවර ප්‍රංශය ඇතුළතට සීමා කරන්න සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

මේ අනුව සවාරියේ තරග නිම කරන සථාන සහ ආරම්භ කරන ස්ථාන ලෙස නව නගර 8 ක් නම් කරන්නද පියවර ගෙන තිබෙනවා.
Lauwin-Planque (අදියර 2 ආරම්භය)
Bayeux (6 අදියරේ ආරම්භය)
Chinon (9 අදියරේ ආරම්භය)
Ennezat (10 අදියරේ ආරම්භය)
Le Mont-Dore Puy de Sancy (10 අදියරේ නිමාව)
Bollène (අදියර 17 ආරම්භය)
Vif (අදියර 18 ආරම්භය)
Mantes-la-Ville (21 අදියරේ ආරම්භය)

තැනිතලා මාර්ග 7 ක් සහ කඳුකර මාර්ග 6 ක් ඇතුළත වෙන මෙවර සවාරියේ කඳු ඉහළ නිමා කිරීම් පහක්ම ඇතුළත් කර තිබෙනවා. අදියර 21 ක් ඇත:
පැතලි වේදිකා 7 ක්, කඳුකර වේදිකා 6 ක්, Hautacam, Luchon-Superbagnères, Mont Ventoux, Courchevel Col de la Loze සහ La Plagne Tarentaise යන ස්ථාන එම කඳු ඉහළ තරග නිමා කිරීම් ස්ථානයි.අදියර 21 ක් ඇතුළත වන මෙවර ප්‍රංශ සවාරියේ තරගකරුවන්ට තරණය කරන්නට හමුවන උස්ම ස්ථානය මීටර් 2 304 ක් උසැති Col de la Loze නම් කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට මැද සහ අගනුවර යා කරන කොඳු ඇට පේළිය ; කඩුගන්නාව බේරා ගනිව් !

හරියටම මීට අවුරුදු හතරකට කලින් පහළ කඩුගන්නාවේ, අම්බලම පසු...

වැසි තත්වයේ වෙනසක් – අද (23) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය...

නුවර – කොළඹ මාර්ගය නැවත දැනුම් දෙනතුරු පහළ කඩුගන්නාවෙන් වසා තැබේ !

සටහන - රුවන් නෙළුගොල්ල නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ...

ජනතාවගේ බදු සල්ලිවලින්ම බෙහෙත් ටික ගෙනල්ලා ජනතාවට දීගන්න මේ ආණ්ඩුවට තවමත් බැහැ – GMOA

සටහන - රුවන් නෙළුගොල්ල රෝහල්වල නොමැති ඖෂධ සහ වෛද්‍ය උපකරණ...