අපේ රටේ දේශපාලනය ප්‍රමිතියකට ගේනවා – ජනපති අනුර

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ (LNW):

හිටපු ජනාධිපතිවරු හැමදේම ගන්නවා ඉල්ලුම්පත්‍ර දාන්නේ නැතුව…ඒ නිසා අපි ඉල්ලුම්පත්‍රයක් එවන්න කියනවා. ඉල්ලුම්පත්‍රය ගැන සලකා බලා අනුකම්පාවෙන් යුතුව යමක් දෙන්න නම්… හොඳ නැද්ද ? මේක පළිගැනීම නෙමෙයි. අපේ රටේ දේශපාලනය ප්‍රමිතියකට ගේනවා. මොනවාද හිමි දේ? මොනවාද අහිමි දේ ? එහෙම ඕනේ නැද්ද ?” අද (08) සවස කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ජනාධිපති අනුර දිසානායක මහතා පවසා සිටියේය .

ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූවේ,

“අපි දන්නවා ඊළඟ අලුත් පාසල් වාරය ආරම්භ කරන්නේ ජනවාරි අග. දෙසැම්බර් වල පාසල් ඉවර වුණාට. මේ අවුරුද්දේ පරණ වාරය නිමා වන්නේ ජනවාරිවලින්. ජනවාරි අග තමයි අලුත් පාසල් වාරය පටන්ගන්නේ. අන්න ඒ අලුත් පාසල් වාරයේ දරුවෝ පාසල් යන කොට නිසි පරිදි පාසල් පොත්, පාසල් උපකරණ මිලදී ගන්න බැරි සියලු දරුවන්ට ඒ සඳහා දීමනාවක් ලබාදෙනවා. ඒ වගේම අස්වැසුම..අපි ඔය නම් මාරුකරන්නේ නෑ. ජනසවිය තිබුණා තව කෙනෙක් ඇවිල්ලා සමෘද්ධිය කියනවා. තව කෙනෙක් ඇවිල්ලා දිවි නැගුම කියනවා. තව කෙනෙක් අස්වැසුම කියනවා. ඒවා නිකම් තමන්ගේ නම් අපිට කොයි නම කිව්වත් කමක් නෑ අපි දැනටමත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට උපදෙස් ලබාදීලා තියෙනවා අස්වැසුම නොලැබෙන අයට නැවත අභියාචනා කරන්න පුළුවන් ඒ අභියාචනා සාධාරණ ලෙස සලකා බලා කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව ආහාර ගන්න බැරි, බෙහෙත් ගන්න බැරි ඒ සෑම පවුලකට ම අපි යම් දීමනාවක් දෙන්න අපි කටයුතු කරනවා. හැමදාම දෙනවද? හැමදාම නෑ. මේ රට හදලා. ආර්ථිකය හදලා. ජනතාවට ප්‍රතිලාභ එනතෙක් ඒ ජනතාව අපි බලා ගන්නවා.”

“ජාතික ජන බලවේග ආණ්ඩුවක් පළමු කොටම නීතියෙන්, ව්‍යවස්ථාවෙන් චක්‍රලේඛනයෙන් දීලා නැති අනීතික දේවල් සියල්ල ආපහු කැඳවුවා. එතකොට කියනවා පළිගන්නවාලු…පළිගන්නවා නෙමෙයි. නීතියට යටත් කරනවා. නීතියෙන් තියෙන දේ ලබාදීලා තියෙනවා. අපි කමිටුවක් දාලා තියෙනවා නීතියෙන් ලබාදීලා තියෙන දේවල් ගන්නත්, නීතිය වෙනස් කරනවා ජාතික ජන බලවේග ආණ්ඩුව මතක තබාගන්න. කවුරු හරි හිටපු ජනාධිපතිවරයෙකුට නිවසක් නැත්නම්, එයාට ආණ්ඩුවට ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. ඔබ අස්වැසුම ලබාගන්න මට්ටමේ ද ඉන්නේ ? එහෙම නම් ගෙයක් දෙමු. හැබැයි ඇප්ලිකේෂන් එකක් පුරවලා එවන්න ඕනේ. ඕනේ ද  ? ඕනේ…මේ රටේ පුරවැසියන් මොකක් හරි ගන්න ඇප්ලිකේෂන් එකක් පුරවන්න ඕනේ. හිටපු ජනාධිපතිවරු හැමදේම ගන්නවා ඉල්ලුම්පත්‍ර දාන්නේ නැතුව…ඒ නිසා අපි ඉල්ලුම්පත්‍රයක් එවන්න කියනවා. ඉල්ලුම්පත්‍රය ගැන සලකා බලා අනුකම්පාවෙන් යුතුව යමක් දෙන්න නම්… හොඳ නැද්ද ? මේක පළිගැනීම නෙමෙයි. අපේ රටේ දේශපාලනය ප්‍රමිතියකට ගේනවා. මොනවාද හිමි දේ? මොනවාද අහිමි දේ ? එහෙම ඕනේ නැද්ද ? නමුත් අපේ රටේ දේශපාලඥයෝ කල්පනා කරනවා ඔවුන් ට මේ හැමදේම හිමියි කියලා. හැබැයි ජාතික ජන බලවේග ආණ්ඩුව දේශපාලනය ප්‍රමිතිගත කරනවා. මොනවා ද හිමි දේ හිමි නොවන හැමදේම අහෝසි කරනවා…

රාජ්‍ය සේවකයින්, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩවර්ජන කළා. මාස තුනක් විශ්වවිද්‍යාල වහලා තිබුණේ. එතැන කෝ හිටපු ජනාධිපතිතුමාගේ පඩි. දැන් කියනවා එතුමා… එයා වැඩි කළ වැටුප් දෙනකල් උද්ඝෝෂණය කරනවා ලු. මම හරි සතුටුයි හිටපු ජනාධිපති දකින්න පිටකොටුවේ දුම්රිය පොළ ඉස්සරහ පෝස්ටර් එකක් අතේ තියාගෙන ඉන්නවා. හොඳ නැද්ද ? එතුමා විසින් ලබාදෙන වැටුම් ලබාදෙනු. ඔය සටන් නොවැම්බර් 14න් පස්සේ මුකුත් නෑ.” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...