*
Sunday, May 11, 2025
spot_img

Latest Posts

එංගලන්ත දස්කමෙන් ලංකාව පහළ වැටේ

ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ පැවතිි එංගලන්තය සහ නෙදර්ලන්තය අතර තරගයෙන් එංගලන්තය ලැබූ ජයග්‍රහණයත් සමඟ මුල් ස්ථාන අටෙන් පහතට වැටී නවවන ස්ථානයට පත් විය.ඒ නිසා චැම්පියන්ස් කුසලානය සඳහා යාමට අවශ්‍යය ඉඩ සකසා ගැනීමට අද පැවත්වෙන නවසීලන්ත තරගයේදී හ්‍රී ලංකාවට ජය ගැනීම අත්‍යශ්‍යය කාරණයක් වෙනු ඇත.

එංගලන්තය නෙදර්ලන්තයට එරෙහිව බෙන් ස්ටොක්ස් (108) ,ඩේවිඩ් මාලන් (87) සහ ක්‍රිස් වෝකර්ස් (51) යන පිතිකරු ඉණිම්වල සුවිශේෂීත්වය හරහා සිය ලකුණු පූවරුව 339 දක්වා ඉහළට ඔසවා තැබීය.එම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කිරිමට අවශ්‍යය පිඩනය තරගයේ මුල සිටම ගොඩ නැඟූ ආරම්භක පන්දු යවන්නන් වන ක්‍රිස් වෝකර්ස් සහ ඩෙිව්ඩ් විලී පන්දු වාර 7 බැඟින් යවමින් ලකුණු 19 ක් පමණක් ලබා දෙමින් පිළිවෙලින් කඩුලු 1 සහ 2 බැඟින් දවා ගනිමින් ඇති කළ පීඩනයෙන් ගොඩ එ්මට නෙදර්ලන්තයට අපහසු විය.එම වේග පන්දු යවන්නන් දෙදෙනාගේ පිඩනයෙන් කඩුලු පල ලැබූ දඟ පන්දු යවන මොයින් අලී ලකුණු 42 ට කඩුලු 3 ක් සහ අදිල් රෂීඩ් ලකුණු 54 ට කඩුලු 3 ක් දවා ගනිමින් නෙදර්ලන්තය ලකුණු 179 ට සීමා කරන්නට සමත් විය.

මේ ප්‍රතිපලය සමඟ එක් තරගයක් පමණක් පමණක් ජය ලබා සිටි එංගලන්තය ශ්‍රී ලංකාව හා තරග දෙකක් ජයගත් කාණ්ඩයට වැටුණේ දැවන්ත ජයග්‍රහණයක් සමඟ බැවින් මේ දක්වා රැදී සිටි අවසාන ස්ථානයෙන් පියවර තුනක් ඉහළට පැමිණ 7 වන තැනට පැමිණෙන්නට සමත් විය.නවසීලන්තය සිටින්නේ ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය සමඟ තරග 4 බැඟින් ජයගෙන නිසා අද තරගය ඔවුන්ට අවසාන පූර්ව වටයට යාම සඳහා අතිශයින් වැදගත්ය.ශ්‍රී ලංකාවට චැම්පියන් කුසලානය සඳහා පිවිසීමට ද අද තරගයේ ජය වැදගත් වන බැවින් දෙපිළිම අද මුණ ගැහෙන්නේ සිය කණ්ඩායම්වල ඉරණම විසඳෙන තරගයකටය.

පහතින් දැක්වෙන්නේ එංගලන්තය සහ නෙදර්ලන්තය අතර තරගයේ ලකුණු පූවරුවය. https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/england-vs-netherlands-40th-match-1384431/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan