2023 ඔක්තෝම්බර් මාසය වසර 125,000කට පසු උණුසුම්ම මාසය බවට පත්වේ

0
391

2023 ඔක්තෝම්බර් මාසය තුළ වාර්තාගත ලෙස ලෝකයේම උෂ්ණත්වය ඉහල යාම හේතුවෙන් වසර 125,000කට පසු හමුවූ වාර්තාගත උණුසුම්ම මාසය බවට පත්වන බව යුරෝපීය විද්‍යාඥයින්ට සඳහන් කර තිබේ.

දේශගුණික විපර්යාස, පොසිල ඉන්ධන දහනය කිරීමෙන් හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් පෘථිවිය උණුසුම් වන විට, අධික තාපය පිළිබඳ පෙර වාර්තා පෙර නොවූ විරූ සංඛ්යාතයකින් බිඳ වැටෙන බවයි, Copernicus Climate Change Service (C3S) හි නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත බර්ගස් පවසා තිබුණේ.

අධික උෂ්ණත්වය මාරාන්තික බලපෑම් ඇති කළ හැකි අතර, ශරීරයට ශක්තිය අඩු කර කෙටි කාලීනව විජලනය වීමට හේතු වන අතර හෘද වාහිනී සහ ශ්වසන රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම වැඩි කරයි. මේ හේතුවෙන් අතින් ශ්‍රමයේ නියැලෙන හෝ පිටත වැඩ කරන අය, විශේෂයෙන් අවදානමට ලක්ව තිබේ.

සශිකලා මධුෂාණි – outboundtoday