මේ දුෂිත රැළ ඉවත් කරන්න නොකඩවා ක්‍රියමාර්ග ගන්නවා – ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවේදී කියයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (10) පාර්ලිමේන්තුවේ දී , ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තහනමකට ලක්කිරීම සඳහා උත්සහයක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසු ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසා සිටියේ, යම් හෙයකින් ක්‍රිකට් තහනමකට ලක්වුවහොත් මාස 6ක කාලයක් අර්ජුන රණතුංග මහතාට භාර දී පසුව නිලවරණයක් පවත්වන බවයි.

එළැඹෙන සඳුදා දින තමා අභියාචනාධිකරණය හමුවට යන බවත් ඉන් සාධාරණයක් අපේක්ෂා කරන බවත්, මේ වනවිට නීතිපතිවරයා වෙත තබා ඇති විශ්වාසය බිඳවැටී ඇතැයි ද පැවසු ක්‍රීඩා අමාත්‍යවරයා තමා පෞද්ගලික නීතිඥයින් මාර්ගයෙන් මෙහි කටයුතු සිදුකරන බව ද කියා සිටියේය.

වැඩි දුරටත් ඔහු පැවසූවේ,

“තහනමක් තව එන්නේ නෑ. මේ අය අති විශේෂ බලයක් දාලා කරොත් මිසක්, ලංකාවේ අය මේක පාවා දුන්නොත් ඇරෙන්න මේකට තහනමක් එන්නේ නෑ. බැරිවෙලා හරි මම දැක්කා ඇමතිවරයෙකුත් ඍණාත්මකව කතා කළා මේක තහනම් වුණොත් කියලා. මොකද්ද අපි කරන්නේ ? එහෙම නම් අපිට තියෙන්නේ අර්ජුන රණතුංග මහත්තයාට මාස 6ක් හරි 8ක් හරි මේක භාරදීලා හදලා, අපි නිලවරණයකට ගිහින් මේ පනත සම්මත කරගෙන ඊළඟ තරගවලට යන්. එකඟත්වය ලබාදෙන්න ඉස්සරහට යන්න. ඒ අනුව මම සඳුදා දිනයේ අභියාචනාධිකරණයට යනවා. එතැනින් අපි බලාපොරොත්තු වෙනවා යුක්තිය. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. මේ දුෂිත රැළ ඉවත් කරන්න. ඒ ක්‍රියාමාර්ග ටික නොකඩවා ගන්නවා. මට තවදුරටත් නීතිපතිවරයාගේ වැඩපිළිවෙල ගැන විශ්වාසයක් නෑ. ඒ වෙනුවෙන් පෞද්ගලික නීතිඥයෝ අල්ලනවා. මොකද දිගින් දිගටම කරඇරියා.” ලෙස අමාත්‍යවරයා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...