සජබ e කොළම

Date:

අශෝක ජයතුංග

වොෂින්ටන් DC (LNW): ? වි: නායක සජිත් පුමුඛ සජබ ඉදිරිපත් කල දූෂිත ක්‍රිකට් පරිපාලකයන්ට එරෙහි යෝජනාව පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ එකගත්වයෙන් සම්මත කරන පසුබිම ඇතිවෙයි.

?ක්‍රිකට් බේරාගන්න මුළු පාර්ලිමේන්තුවම එකම තලයට ගෙනාවා මෙන් රට බේරා ගන්නත් ඒ දේම කරනවා – සජිත් කියයි.

? ක්‍රිකට් සුද්ද කර හරි පාරට ගන්න ඇමති හා ආණ්ඩුව අතර එකඟත්වයක් තිබුණෙම නෑ – සජිත්.

? උසාවි අතුරු තහනමින් සිදුවන්න ගිය දූෂිත හොරු රැළ යළි ක්‍රිකට් වලට වැදී එය විනාශ කිරීම හා දූෂිත සාක්කි විනාශ කිරීම වැළකීම පාර්ලිමේන්තු වගකීමයි – සජිත්.

? උසාවි යායුත්තේ දෑත් පිරිසිදු අයයි. නමුත් ක්‍රිකට් ප්‍රශ්නයේදි උසාවි ගියේ එහෙම අය නොවන නිසා ඒ තීන්දුව රට පිළිගන්නෙ නෑ – කිරීඇල්ල.

?මත්පැන් සමාගම් වලින් අයවිය යුතු රු බිලි 50 ක බදු අතහැරලා ආණ්ඩුව වෘත්තිකයන්ගේ පඩි පතෙන් බදු ගැසීම ඉතා අසාධාරණ බවට සජිත් පුමුඛ සජබෙන් චෝදනා.

?තමා සභාපතිකම දරන පාර්ලිමේන්තු ක්‍රම හා විධි කාරක සභාවේ එළිදරව් මත හොර මත්පැන් කර්මාන්ත ශාලා වැටලුවා හා විදෙස් ශ්‍රමිකයන්ට දෙන විදුලි වාහන වල අවභාවිතා එළිවුණා – පාඨලී.

?සජිත් – ජලනි ගෙන් 41 වන සුහුරු පංති කාමරය දඔදෙනිය දම්සෙන් විදුහලට.

? දෙවරක් බාල බව ඔප්පුවූ තෙල් ගෙනැත් යළිත් රටේ වාහන විනාශ කරන්න ආණ්ඩුව හදනවා – සජිත්.

?රටේ පාළකයෙකුට මෙවැනි දැඩි අභියෝගයක් කල ඇමතිවරයෙක් ඉතිහාසයේ නෑ. සමීප අයගේ වැරදි උපදෙස් මත  දූෂිතයන් රකින්න ගිහින් ඔහු ජනතාව අතරත් පසුපසට තල්ලු වෙලා – සජබ මහලේකම් රංජිත්.

?“ෂට් අප් ඇන්ඩ් සිට් ඩවුන්” කියන තැනට රටම පත් කරන්න පාළකයන් උත්සාහ කරන බවට නීතීඥ සංගමය චෝදනා කිරීම කාගේත් අවධානයට යොමුවිය යුතු කරුණක් – අජිත් පී.

? අධිකරණය හා විශේෂයෙන් අභියාචනාධිකරණය ගැන ඇමති රොෂාන් එල්ලකල චෝදනා ගැන රටේම විශාල අවධානයක් හා සංවාදයක් ඇති වෙලා – අශෝක අබේසිංහ කියයි.

? ආණ්ඩුව ගේන්න හැදූ ඔන්ලයින් පනත සරල බහුතරයෙන් සම්මත කරන්න නම් විශාල සංශෝධන අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා – ගයන්ත.

?නුවරඑළිය හා මහනුවර තැපැල් ගොඩනැගිලි මිතුරන්ට හෝටල් වලට දෙන්න යාමෙන් තැපැල් වර්ජනයක් කැඳවා ගත්තා – හේවාහැට සජබ සංවිධායක අර්ල් ගුණසේකර.

? රෝහිනී කවිරත්නට එරෙහිව රාජ්‍ය ඇමතිවරයෙක් කී පහත් කතාවකට එරෙහිව කාන්තාවන් ගැන මරහඬ දීපු සජබෙන් පැනපු කෙනා කෝ – නලින් බංඩාර අසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...