ආර්ථික යුක්තියත් නිදහස් සෞඛ්‍යයේ ආරක්ෂාවත් ඉල්ලා ජාතික රෝහලේ වෛද්‍ය විරෝධයක්!

Date:

කොළඹ LNW: ”වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටුකරනු – නිදහස් සෞඛ්‍ය රැකගනු” යන මැයෙන් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (10) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසිනුයි එය සංවිධානය කර තිබුණේ.

මේ වන විට රෝහල් තුළ මතුව තිබෙන ඖෂධ සැපයුමේ සිට භෞතික සම්පත් වල පවතින අඩුපාඩු නිවැරදි කරන ලෙසත් වෛද්‍යවරු මුහුණ දී සිටින වෘත්තීමය ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසත් එහිදී බල කෙරුණි.

මේ අතර වෛද්‍ය වෘත්තිකයින්ගේ සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටළු පිළිබඳ හෙට (11) දින ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සකාච්ජාවක් පැවැත්වීමටද නියමිතව තිබේ.

එම සාකච්ජාවේදී සාධනීය එකඟතාවක් නොලැබුණහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...

ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට...