ආර්ථික යුක්තියත් නිදහස් සෞඛ්‍යයේ ආරක්ෂාවත් ඉල්ලා ජාතික රෝහලේ වෛද්‍ය විරෝධයක්!

කොළඹ LNW: ”වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටුකරනු – නිදහස් සෞඛ්‍ය රැකගනු” යන මැයෙන් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (10) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසිනුයි එය සංවිධානය කර තිබුණේ.

මේ වන විට රෝහල් තුළ මතුව තිබෙන ඖෂධ සැපයුමේ සිට භෞතික සම්පත් වල පවතින අඩුපාඩු නිවැරදි කරන ලෙසත් වෛද්‍යවරු මුහුණ දී සිටින වෘත්තීමය ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසත් එහිදී බල කෙරුණි.

මේ අතර වෛද්‍ය වෘත්තිකයින්ගේ සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටළු පිළිබඳ හෙට (11) දින ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සකාච්ජාවක් පැවැත්වීමටද නියමිතව තිබේ.

එම සාකච්ජාවේදී සාධනීය එකඟතාවක් නොලැබුණහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...