*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ලාංකීය වාමාංශික ව්‍යාපාරය සහ එහි කාර්යභාරයෝ ….

ලංකාවේ වමේ ව්‍යාපාරවලට ඇත්තේ ලාංකීය දක්ෂිණාංශික දේශපාලන පක්ෂවලටත් වඩා පැරණි ඉතිහාසයකි. නමුත් ලාංකීය වමේ ව්‍යාපාරවලට කිසිදාක බලය කියන සාධකයේ අහල හත්ගව්වුවකටවත් ලඟාවීමට නොහැකිවිය. මෙයට හේතුව ඔවුන්ගේ අපකීර්තිමත් ඉතිහාසය නිසා ජනතාව තුල ඇති ඔවුන්ට බලය දීමට ඇති බලවත් අකමැත්තයි.

මේ වාමාංශිකයන් විටෙක “බහුජන පෙරමුණ”ක් විදියටත් තවත් විටෙක “පුළුල් පෙරමුණක් “ලෙසත් දේශපාලන පිටියට පිවිසෙන්නේද ඔවුන්ගේ සත්‍ය අනන්‍යතාවය සඟවාගැනීම සඳහාය. මොන පුළුල් පෙරමුණ ඇටෙව්වත් මොන බහුජන පෙරමුණ ඇටෙව්වත් ඔවුන්ගේ පෙරමුණු අභ්‍යන්තරය තුල ඇත්තේ ඔවුන් පමණි.

ඔවුන්ගේ මේ බහුජන පෙරමුණු කථා යනු අපකීර්තිමත් වාම අනන්‍යතාවය වසාගන්නා ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බැනර් රෙදි පමණි.

සමාජවාදය සමාජ “වදයක්” වීමට බලපෑ සහ රතු වර්ණය අනතුරු දායක වර්ණයක් පමනක් ලෙසත් මෙරට ජනයා අතර මුල් බැසගැනීමට හේතුවූ ඊනියා වාම හැසිරීම දෙසට අපි දැන් මොහොතකට හැරෙමු.

ලෝක ගෝලයම ගෝළීය ආර්ථිකයක් දෙසට පිය නැගීම ආරම්බකර තිබූ හැත්තෑවෙ දසකය තුල ලාංකීය වාමාංශිකයන් බන්ඩාරනායක ආන්ඩුව හා එකතුවී අපනයන ආනයන ආර්ථිකය වසාදමා ලොවට අගුලුදාගනිමින් අල බතල දේශීය ආර්ථිකයක් දෙසට රට ඇදගෙන ගියේය. එහි ප්‍රතිවිපාක ඒ මොහොතට හා මේ මොහොතට පමණක් අදාල වන්නක් නොව සමස්ථ ලාංකීය අනාගතයටම අදාලවන ආර්ථික විනාශයකි.

සියවසේ දියුණු තාක්ෂණය සහ විදේශීය මුල්‍ය සම්පත් රැගෙන ලංකාවට පැමිණීමට සූදානම්ව සිටි ගෝලීය ආයොජකයින්ට රට තුලට පැමිණීමට නොහැකිවනසේ මැටිමෝල් අධිරාජ්‍ය විරෝධයක් රට තුල වපුරා ආයෝජකයන්ට පාර වසා දැමුවේද මේ ඊනියා වාම ව්‍යාපාර විසිනි.

මහජනතාව ලාබෙට දිනාගැනිම සඳහා දිළිඳු රටකට ඔරොත්තු නොදෙන මහා සුබසාධන වාදයක් වෙනුවෙන් ඔවුන් බරපතල ලෙස පෙනීසිටියා විනා එකී බරකරත්ත සුබසාධනයට අවශ්‍ය මහා වත්කම් ප්‍රමාණය ලෝකෙ හතර වටට ණය නොවී උපයාගත හැකි ප්‍රායෝගික මාර්ගයක් මේ වම්මුන්ද දැන සිටියේ නැත.

ඊළඟට අසූව දශකය තුලදී මෙරටට පැමිණි ගෝලීය ආයෝජකයන් ආපසු හරවා යැවීමට ජ.වි.පෙ. විසින් රට පුරා රැගෙන ගිය භීෂණ ගිනි කෙලිය ඝෘජුවම බලපෑවේය. අසූව දශකය වන විට රට තුල පැවති බිහිසුනු වාතාවරණය විසින් මෙරටට පැමිණීමට නියමිතව තිබූ බොහෝ විදේශ ආයෝජන වෙනත් රටවල් කරා පිටත් විය. මෙරටට පැමිණි ආයෝජන ද එවකට පැවති වාතාවරණය මත වසරේ වැඩි කාලයක් වසා තැබීමට සිදුවිය.

පැරණි සහ නව සහ සියළුම වාමාංශික දහරාවන් දැන් මොන බයිලා ගැහුවත් ලාංකීය නූතන ආර්ථික අර්බූයට ඝෘජුව හා වක්‍රව සියළුම ආකාරයෙන් ඔවුන් වගකිව යුතුය.

වාමාංශිකයන්ට අනුව සියළු අර්බූද වලට විසඳුම් ඇත්තේ ඔවුන් පෙන්වන සමාජවාදය තුලය. ඔවුන්ගේ මේ සමාජවාදී රාජ්‍ය යනු කිතු දහමේ එන ස්වර්ග රාජ්‍යයට හා බුදුදහමේ එන දෙව්ලොවට සමාන එකකි. මන්ද යථාර්ථයේ නැති සියල්ල යුටෝපියානු මායා ලෝකයේ ඇත.

සියළු ආගම්වලට අනුව පරම සත්‍ය ඇත්තේ ඔවුන් සතුව පමණි. මේ වාම ව්‍යාපාර වලට අනුවද ගැඹුරු සත්‍යය ඇත්තේ ඔවුන් සතුව පමණි.

බොහෝ අවස්තාවල ඔවුන් සතු යුටෝපියානු පරම සත්‍යය අවි බලයෙන් සමාජය තුල රෝපණය කිරීමට යයි. එහිදී ඔවුන්ගේ කොමිනිස්ට් සපත්තුවට සරිලන සේ ජනතාවගේ කකුල් කැපේ.

මේ වාමාංශික ව්‍යාපාරවල පවතින විශේෂ ලක්ෂනයක් නම් මේවාට ඇත්තේ දේශපාලන පක්ෂයක හැඩයකට වඩා දේශපාලන ඇදහිලි කල්ලියක් සතු ලක්ෂනයන්‍ ය. ඒ අනුව සියළු වාමාංශික ව්‍යාපාර යම් ආගමික නිකායවාදී අනන්‍යතාවයක් සහිතවේ.

ආගම් තුල පවතින බොහෝ දෑ විශේෂයෙන් ස්ටාලින්වාදී වාම ව්‍යාපාර තුලද පවතී. ආගම් තුල පරම සත්‍ය යනු ස්වකීය සාස්තෘවරයාගේ සත්‍යයයි. මේ වාම ව්‍යාපාර තුල තත්වයද එසේමය.

මේ වාම ව්‍යාපාර තුලද පක්ෂයේ නිර්මාතෘවරයා වෙනුවෙන් මල් පහන් පූජා කෙරේ, බැති ගී ගැයේ. පක්ෂ නායකයාගේ උපත විපත අලලා ශෝකී උත්සව පැවැත්වේ.බොහෝ ආගමික ව්තාවත් එහි ඇත. (බොහෝ දුරට මේ වාම කන්ඩායම් කල්ට් වේ. නැතහොත් එළියේ ලෝකයෙන් වැටගසා කොටුකරගත් නිකාය කන්ඩායම් වේ.)

ස්ටාලින්වාදී පක්ෂ තුල පූර්ණකාලිකයා යනුවෙන් කාඩර අනුගාමියෙක් සිටී. ඔහු සම්පුර්ණයෙන්ම පාහේ පෞත්ගලික ජීවිතයෙන් බැහැරව පක්ෂය වෙනුවෙන් ජනතාව දුකින් ගලවා ගැනීම වස් මිනිසුන්ට වාම පරමසත්‍ය අවබෝධකර දෙමින් පැවිද්දෙක් හා සමානව අල්පේච්ච දිවියක් ගතකරයි.

ආගම් වලින් කියවෙන්නේද දුකින් පෙලෙන සත්වයා මුදාගැනීම සඳහා ධර්මය තුලින් මිනිසුන් දැනුවත් කලයුතු බවකි. මේ කොමිස්නිස්ට් පක්ෂවලින් කියවෙන්නේද මිනිසුන් දැනුවත් කලයුතු කථාවකි. ඒ සඳහා දේශපාලන පන්ති, කමිටු, දේශපාලන කඳවුරු, සම්මන්ත්‍රණ මේ නොයෙක් ආකාරයෙන් සත්‍ය හා මාක්ස්ගේ සුබාරංචිය පැහැදිලි කරන දේශනාවන් පැවැත්වේ..

නමුත් පසු ආවර්තිතව බලන විට ආගම්වල මෙන් මූලධර්මවාදී විකාර හැරුනු විට මේ වාමාංශිකයන් දන්නා දේශපාලනයක්ද නැතිබව පැහැදිලිව පෙනෙන්නට තිබේ. අවසානයේ ඔවුන්ගේ සියළු අසමත්කම් වසා ගැනීමේ එකම වහන්තරාව වී ඇත්තේද ජනයා ඔවුන්ට බලය දීමට තරම් බුද්ධිමත් නැතිබව පැවසීමය.

ඔවුන්ගේ දේශපාලනයේ පවතින බයානකම දෙයනම් ඔවුන්ගේ අවිගත් අත් හදා බැලීම් නිසා ඉතිහාසයේ මිනිසුන් විශාල පිරිසකට ජීවිත අහිමිවී තිබීමයි. මෙහිදී සමාජවාදය පිහිටුවීම සඳහා ඔවුන් මහා සමාජය තුල කරන පර්‍යේෂනවල විද්‍යාගාර මීයන් වන්නේ ජනතාවය.

ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයේ පවා කොමිනිස්ට් වරුන්ගේ පර්‍යේෂන හේතුවෙන් චීනය කාම්බෝජය වැනි බොහෝ තැන් වල මිනිසුන් බොහෝ පිරිසකට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය.

අසූඅට, අසූනමය යුගය තුල ජ.වි.පෙ. විසින් බස් රථ, ටාන්ස්පෝමර්, පැක්ටරි, ගිනිතබා විනාශකරන ලද්දේ රටේ ආර්ථිකය බංකොලොත්කර හමුදාවන්ට වැටුප් ගෙවිය නොහැකි තත්වයට රාජ්‍ය ඇද දමා ඒ හරහා රාජ්‍ය බලය අල්ලා ගැනීමටය.

දැන් එදා ඔවුන් අපේෂා කල බංකොලොත් බව සම්මුඛ වී ඇත. දැන් රට ගොඩ ගත හැකි මායා ලෝකයෙන් මිදුනු ප්‍රායෝගික මාවතක් ඔවුන් දනීද ?

පොදු ජනතාවට මහා දේශපාලන විඥ්ඥානයක් නැතත් වමේ මේ ඉතිහාස නාඩගං පිළිබඳව යම් අවබෝධයක් ඇත. වමට ජන්දයක් හරහා බලයට පත්වීමට නොහැකි හේතුව වන්නේද අන් කිසිවක් නොව ඔවුන්ගේම මේ පරණ කැරෙට්ටුවමය.

හැත්තෑ එකේ සහ විශේෂයෙන්ම අසූ අටේ හා අසූ නමයේ කාලවකවානුව තුල සමාජවාදය පිහිටුවීමට යැයි කියමින් ජ.වි.පෙ. විසින් මුදාහැරි බීෂණය සුළුපටු නොවේ. මෙහිදී ජ.වි.පෙ. විසින් කැරැල්ල තුල තමන් වින්දිතයින් පමණකැයි ප්‍රකාශකර සිටියද රාජ්‍ය ත්‍රස්ත හමුදා සමඟ හරිහරියට ඇතැම්විට ඊටත් වඩා ජ.වි.පෙ.යද ම්ලේච්ඡත්වය මුදාහැරියේය. නිරායුද මිනිසුන්, ගැහැණුන්, වයෝවෘද්ධයන්, බුද්ධිමතුන් ද විශාල ප්‍රමාණයක් ජ.වි.පෙ. අතින්ද අහේතුකව කෘර ලෙස ඝාතනය විය.

“ඔවුහු අසීමිත ලෙස ජනතාවට ප්‍රේම කලහ” යන වාක්‍ය පාඨය බිත්තිවල ලියූ පමණින් මිනිසුන් ඒවා විස්වාසය කරන්නේ නැත. ඒවා බාවිතාව තුල අන්තර්ගතව පැවතිය යුතුය.

අවම වශයෙන් මේ වනවිට රතු වර්ණයට හෝ වාමාංශික නමකට හෝ මහජන වරමක් ලබාගත නොහැකි බව ජා.ජ.බ. ය විසින් තේරුම් ගෙන තිබීම යහපත් ප්‍රවන තාවයකි. ඔවුන් රතු වර්ණය ක්‍රමයෙන් දම් පැහැයකටත් නම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නමකටත් මාරු කරගෙන සිටී.

නමුත් මෙහි ඇති ගැඨළුව නම් තාමත් අන්තර්ගතයේ ඇත්තේ පරණ කොමිනිස්ට් ජීවීන්ම බව මිනිසුන්ට හොඳින්ම පෙනෙන්නට තිබීමයි. ලාල් කාන්ත, හඳුන්නෙති වැන්නවුන්ගේ කතාවලින් පරන ජාතිකවාදී කොමිනිස්ට් බලලා වරින් වර එළියට පනිනුද පෙනේ.

දැන් හෝ ඔවුන්ට ඉතිහාස වැරදි නිවැරදි කරගැනීමට අවශ්‍යනම් ඒ සඳ්හා ඔවුන් කලයුත්තේ ඔවුන්ගේම ඉතිහාස බාවිතාවන්ට හා මතවාදවලට ඔවුන් විසින්ම විවේචනය ගෙන ඒමය. ඒ ඉතිහාස බාවිතාවන් වැරදි බව පිළිගැනීමය. ඇතැම් විට එහිදී ඔවුන්ගේ යටි පදනමේ ඇති ලුම්පන් පදාසය ගැලවී පෙරටුගාමීන් වෙත ගොස් එයට සවිවිය හැකිය. එය නවත්වාගැනීමට ඇතැම්විට ඉඳහිට කෙරෙන ටිල්වින් ගේ ලාල්ගේ ලුම්පන් ප්‍රකාශ වැඩ දායක විය හැකිය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan