පරිසරය රැක ගනිමු!

Date:

අද වන විට මහමඟ මෙන්ම බොහෝ ප්‍රසිද්ධ ස්ථාන වල කැලි කසල බැහැර කරන තත්ත්වයක් දැකගත හැකිය. අවිධිමත් ලෙස මෙම කසල බැහැර කිරීම නිසා මාර්ග දෙපස කසල ගොඩ ගැසී ඇති ආකාරය දක්නට ලැබේ. වෙරළ තීරයටද ඇතැමුන් කසල බැහැර කරන ආකාරය ඉතා අශෝභනය. ප්‍රදේශවාසීන් පවසන්නේ නාවික හමුදාව විසින් ඉතා වෙහෙසක් දරා ඒවා පිරිසිදු කරන බවයි. මේ හේතුව නිසාවෙන් සුන්දර වෙරළ තීරයක සිරි නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට ද ශ්‍රී ලංකාව පිළිබඳ වැරදි චිත්‍රයක් මැවීමට ඉඩ ඇත.

එබැවින් ශ්‍රී ලංකාවේ පරිසරය පිළිබඳ මීට වඩා වැඩි අවධානයක් යොමු කල යුතු බව පරිසවේදීහු පෙන්වා දෙති. අවලස්සන රටකට කිසිදු සංචාරයකු පැමිණීමට කැමැත්තක් නොමැති අතර ශ්‍රී ලාංකික ජනතාවගේ අයහපත් හැසිරීම් මත මෙසේ සිදුවන බව පරිසරවේදීහු පවසති.

බැහැර කරනු ලබන සෑම අපද්‍රව්‍යක්ම සම්පතක් බවත්, ඒ සියල්ලටම මිලක් ඇති අතර විවිධ මිල යටතේ ඒවා විකිණීමෙන් මුදලක් උපයාගැනීමට අවශ්‍ය ක්‍රියාවලියක් සාදා ඇති බවත් ඒවා ප්‍රයෝජනයට නොගන්නේ මදැයි පරිසරවේදීහු ජනතාවගෙන් ප්‍රශ්න කරති.

රටේ අනාගත පරපුර වෙනුවෙන් ලස්සන රටක් නිර්මාණය කිරීම රටේ සියලු පුරවැසියාගේම යුතුකමයි. තවත් සෙන්ටිග්‍රේඩ් 2° කින් ගෝලීය උෂ්ණත්වය ඉහළ ගියහොත් මීටර 17 කින් මුහුදු මට්ටම ඉහළ යනු ඇත.

ජනතාවගේ අක්‍රමවත් කසල බැහැර කිරීම යනු ඒ අයහපත් කාර්‍යට යන ගමනේ කාලය අඩුවීමයි. එය අතීතයේ 2070 වර්ෂයේ බලාපොරොත්තු වුවද මේ වනවිට එය 2030 වර්ෂයේ දී සිදුවන බවට තොරතුරු සොයාගෙන ඇත. ජනතාව නොපමාව පරිසරය රැකගතයුත්තේ මේ නිසාවෙනි.

රෂිකා හෙන්නායක
2022.11.12

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිඳුවෙමින් පවතින්නේ සුගත්ගේ පැත්තට අවනඩු හැරවීමක් ද?

නිශ්මං රණසිංහ ජනවාරි 0, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ක්‍රීඩා...

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : 2025 (2026) අධ්‍යයන...

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විකල්ප හෝ මිලිටරි ක්‍රම සලකා බලන බව ධවල මන්දිරය කියයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස