Sunday, December 3, 2023
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/12

  1. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනමට එරෙහිව ශ්‍රී ලංකාව අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි: මෙලෙස හදිසියේ තහනමක් පැනවීම කම්පනය දනවන්නක් බව ද පවසයි.
  2. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා සාමාජිකත්වයට එරෙහිව දැනට ක්‍රියාත්මක කරන අත්හිටුවීම ඉවත් නොකළහොත්, රටට ඇ.ඩො. මිලියන 50 ක පාඩුවක් සිදුවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා අනතුරු අඟවයි: මෙම තහනම පනවා තිබෙන්නේ, U-19 ක්‍රිකට් ලෝක කුසලානය, 2024 ට යෙදී තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මහා සභා රැස්වීම (AGM) සහ 2027 ට යෙදී තිබෙන කාන්තා ලෝක කුසලානය පැවැත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට අවසර ලබා දීම සඳහා සාකච්ඡා කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව බව ද පවසයි: මෙම තරඟාවලි සහ රැස්වීම පැවැත්වීමට නම්, මෙකී ප්‍රයද්නයන් සඳහා ශ්‍රී ලංකා රජය සහාය දෙන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ට ‘සහතිකයක්’ අවශ්‍ය වූ බව ද පවසයි.
  3. පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයද තුළ දී තවත් තීව්‍ර වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි: බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ නැගෙනහිර පළාත්වල සහ කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව පවසයි: මේ අතර අධික වර්ෂාවත් සමඟ ජලාශ 39ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
  4. වෛද්‍ය විජිත් ගුණසේකර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත්වීමට ප්‍රථම වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ බැවින්, ඔහු ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉවත් කිරීමෙන් පසුව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස නැවත පත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.
  5. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ චිත්‍රසිරි කමිටුවේ වාර්තාව, අධිකරණය විසින් නිකුත් කර ඇති තහනම් නියෝගය හේතුවෙන් ක්‍රියාත්මක කළ නොහැකි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය වසර කිහිපය තුළ තම නීතීඥ පුත්‍රයාගේ උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ බැවින් තම පුත්‍රයා ද නව ක්‍රිකට් අතුරු කමිටුවට පත්කළ බව පවසයි.
  6. සේවක ප්‍රේෂණ 2022 ඔක්තෝබර් හි පැවති ඇ.ඩො. මිලියන 355.4 ට සාපේක්ෂව 2023 ඔක්තෝබර්වන විට ඇ.ඩො. මිලියන 517.4 දක්වා 46% කින් ඉහළ යයි: කෙසේවෙතත්, සේවක ප්‍රේෂණ අඛණ්ඩව 4 වන මාසයටත් පහත වැටී ඇති බව නිරීක්ෂණය කළ හැකිය: දළ විදේශ සංචිත, ඉකුත් මාස තුන තුළ පහත වැටීමෙන් අනතුරුව, 2023 සැප්තැම්බර්වල පැවති ඇ.ඩො. මිලියන 3,540 සිට 2023 ඔක්තෝබර්වල ඇ.ඩො. මිලියන 3,562 දක්වා යම්තමින් ඉහළ ගොස් තිබේ: රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කර තිබූ “හොට්-මනි” (hot-money) ආකාරයේ ආයෝජන දැවැන්ත ලෙස පිටව යමින් පවතී: ශ්‍රී ලංකා රුපියල, 2023 ජූනි මස පැවති ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රු. 300 සිට 2023 ඔක්තෝබර් මස ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රු. 334 දක්වා දැවැන්ත ලෙස අවප්‍රමාණය වී තිබේ.
  7. චීනය ශ්‍රී ලංකා පොලීසියට යතුරුපැදි 26ක් සහ ඩෙස්ක්ටොප් පරිගණක 100ක් පරිත්‍යාග කරයි: මෙම පරිත්‍යාගය පොලීසියේ මෙහෙයුම් හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් සිදුකළ බව සඳහන්.
  8. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකට මරණීය තර්ජන කර කප්පම් ගැනීමට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වැල්ලම්පිටිය පොලිස් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
  9. 2024 වසරේ දී නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් විවෘත කිරීමට රජය සැලසුම් කර ඇති බව යෞවන හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පවසයි: මෙම ව්‍යාපෘතිය සඳහා යන සමස්ත වියදම ඇ.ඩො. බිලියන 01 (රු. 334,000,000,000) තරම් වූ අතිවිශාල මුදලක් බව පවසයි.
  10. 2025 පැවැත්වීමට නියමිත ICC ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වෙයි.

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.