*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

හිටගෙන කරන ගුරු සහ දුව දුව කරන ගෝලයෝ ගැන මතකයට ඒම

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):  
මේ මොහොතේ ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් තහනම්ය.ඊට පෙර රගර් සහ පාපන්දුව තහනම් විය.විශේෂයෙන් රගර් තහනම පිටුපස තිබුණේ අමුතු කතාවකි.ඒ ආසියානු රගර් සභාපතිවරයාට නිලවරණයේදී ශ්‍රී ලංකාවේ ඡන්දය නොලැබිම ගැන තිබූ විරසකයක්ය.දැන් රගර් තහනම් කර ක්‍රීඩා අමාත්‍යවරයා ස්ථාවරකරණ කමිටුව ගෙන එන මොහොතේ එතුමාට ක්‍රීඩාව සස්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට උපදෙස් දෙන ජාතික ක්‍රීඩා සභාව තුළ එදා ඡන්දය නොදිමෙන් ලංකාවට ගැටළුව ඇති කළ ලසිත ගුණරත්න සාමාජිකයෙක්ව සිටියේය.


ලසිත එම කාරණය අමාත්‍යවරයාට කියා හෝ නොකියා සිටියාද අපි නොදනිමු.නමුත් ක්‍රිඩා අමාත්‍යවරයා එය දැනගෙන සිටිය යුතුය.එසේ නොවන්නේනම් එය ලසිතගේ නොව ක්‍රිඩා ඇමතිවරයාගේ වරදකි.ක්‍රීඩා අමාත්‍යවරයාට ලසිතව අදාළ වන්නේ නැත.ඔහුට එහි දිගුවක් හැටියට සිඳු වූ සිදුවීම්වලදී ආසියානු සභාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ සභාපතිවරයා අතර ඒ වන විට ඇති වී තිබූ විරසකය වැදගත් විය.
එහෙත් විරසකය ඇති වූ හේතුවේ මුල සිටම විමසා හේතු දැන ආසියානු සභාපතිවරයා සහ ශ්‍රී ලංකා සභාපතිවරයා එකතු කිරීමේ වෑයම වෙනුවට ක්‍රීඩා අමාත්‍යවරයා කළේ ආසියානු රගර් සම්මේලනය සහ සභාපතිවරයා සමඟ ගණුදෙනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාර්යයක් කර ගැනීමය.ඔහුගේ මාධ්‍ය එකකයම ජාත්‍යන්තර තහනම ඉවත් වෙමින් පවතින මොහොතක ආසියානු සභාපතිවරයා සමඟ සාකච්ඡා කර ලංකාවේ තහනම ජාත්‍යන්තර වශයෙන් ඉවත්වෙමින් තිබෙන බව රටට කියන්නේ ක්‍රීඩා ඇමතිය.
එය වැරදි නැත


එහෙත් එය හරියට ඇන්ජලෝ මැතිවිස්ගේ දැවි යාම හා සමානය.ශකීබ්ගේ ක්‍රීඩාශීලි නොවන ගුණය ඇන්ජලෝගේ දැවීයාමත් සමඟ අප්‍රසාදයට ලක් විය.ජාත්‍යන්තර වශයෙන් ඔලිම්පික් ක්‍රීඩාවන්වලට හැසිරීමට ඇති ඉඩ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පණත අතර ඇති පරස්පරතා එකඟතා බවට පෙරළා ගැනිමේ බුද්ධිය භාවිතයට ගත යුතුය.මෙම පණිවිඩයෙන් කියන්නේ ද ඇමතිවරයා තමන්ට පනතෙන් ඇති බලය ගැන අසිමිතව විශ්වාස කරමින් වැඩ ගන්න ගියද,එයට ජාත්‍යන්තර වශයෙන් ඇති සීමාවන් මෙන්ම සම්ප්‍රදායන් ගැන ද අවබෝධයෙන් වැඩ නොකරන බවය.රගර් ප්‍රශ්නය දුරට ගියේම ඒ නිසාය.
කෙසේ හෝ ජාත්‍යන්තර එකඟතාවය පිණිස ක්‍රීඩා අමාත්‍යවරයාට සිය බලය භාවිතයට ගෙන “ඇමති බලතල” ලෙස පුරසාරම් කියා පත් කළ ස්ථාවරකරණ කමිටුව ඉවත් කර ගෙන ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදු විය.ඊට පසු ලසිත ගුණරත්න තමන්ට අභියෝගයක්ව පැවති රගර් සභාපතිවරයා ඉල්ලා අස්වීම පසනම් කරගෙන යළිත් රගර් පාලනයට එන්නට අමාත්‍යවරයාට දන්වා ඉල්ලා අස් වී ඇත.හරියට මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන දේශපාලනි භුමිකාවන් ජනාධිපතිකමෙන් පසුව පාර්ලිමේන්තු ආ ආකාරයට ලසිත ද දැන සීආර් ක්‍රීඩා සමාජයට සම්බන්ධ වී එහි නියෝජිතයා ලෙස රගර් සභාවන් නියෝජනව කරමින් සිටියි.


ඒ අතරම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද ස්ථාවරකරණ කමිටුව ඉවත් කර ගැසට් නිවේදනය නිකුත් කරන තෙක් අධිකරණයේ ඊට එරෙහිව පැවති නඩු විභාගයේදී රගර් පරිපාලනයට ඇමතිවරයා විසින් පත් කළ ස්ථාවරකරණ කමිටුව එල්ල කළ චෝදනා අතර ශ්‍රී ලංකා රගර් විධායක නිලධාරිවරයාගේ පත්වීම අභියෝගයට ලක්වීමද තිබිණ.නමුත් අධිකරණය එම චෝදනා පිළිගත්තේ නැත.විශේෂයෙන්ම අදාළ පත්වීම කර ඇති ආකාරය ජාත්‍යන්තර රගර් සම්මේලනය ඔවුන්ගේ පරිපාටිවලට අනුව සිඳු වූ බව පිළිගත් නිසා ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීමේ තටයුත්වලදී ගනුදෙනු කළේ හසන් සිංහවංශ සමඟය.
තත්ත්වය මෙබඳු වුව දැන් නැවත ශ්‍රී ලංකා රගර් පා පැටලීමකට ලක් කරමින් අඛණ්ඩ ගමණට බාධා කරන්නට මෙන් ලසිත ගුණරත්නම හසන් සිංහවංශ ට එරෙහිව චෝදනාවක් ගොනු කර ඇත.ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශයේ අභියාචනා උපදේශක සභාව ඉදිරියට වත්මන් ශ්‍රී ලංකා රගර් සභාපතිවරයා කැඳවා ඇත.ක්‍රීඩා අමාත්‍යතුමා නීතිඥ ප්‍රජාව මෙන්ම අධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තියද සැකයට භාජනය කරමින් දෝෂ සහිත බව පෙන්වා දෙමින් සිටින මොහොතක,රගර් ක්‍රීඩාවට බොහෝ කෙනහිළි සිඳුවන අන්දමේ ක්‍රියාමාර්ග ගත් ක්‍රිඩා අමාත්‍යවරයා එම තීරණ ගන්නා අවස්ථාවේ ඔහුට උපදෙස් දෙන්නට පත් කළ ජාතික ක්‍රීඩා සභාවේ සිටිය,සහ ශ්‍රී ලංකා රගර් සමඟ ආසියානු විරසකය ඇති කරන්නට මුල් වෙමින් තමන්ට නිලවරණයේදී ඡන්දය භාවිතා කරන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ සහය පරාජිත අපේක්ෂකයාට ලබා දුන්නා වූ ද,ලසිත ගුණරත්න විිසින් මේ පෙත්සම එම සභාව වෙත ඉදිරිපත් කර ඇත.

එය යොමු කර ඇත්තේ තමන් උපදෙස් ලබා දුන් ක්‍රීඩා අමාත්‍යවරයාටය.ක්‍රිඩා අමාත්‍යවරයාට උපදෙස් දෙන්නට සහ විවිධ අන්දමට ක්‍රිඩාවට සඟ පෙන්වන්නට පත් කරන සියලු දෙනාම ක්‍රීඩා පනතේ බලතල ප්‍රකාරව ලෙස අමාත්‍යවරයාගේ යටතේ පවතින ආයතන බැවින් ඒවායේ ස්වාධීනත්වය ද ගැටළුකාරී තැනකට පත්වීමේ අවදානමක් ඇත.ඒ වඩාත්ම මේ සිඳුවීම් සිදුවෙමින් පවතින ආකාරයට හා අමාත්‍යවරයාගේ වගකීමෙන් මිදුණ තැන් ඔහු නීතිපතිවරයාගේ,විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ වෘත්තියද සැකයට භාජනය කරමින් ශ්‍රී ලංකා පර්ලිමේන්තුවේ විවේචනයට භාජනය කරමින් සිටින නිසාය.
කෙසේ වුව කුමන තනතුරකට කුමන වගකීමෙන් පත් කළ ද,ක්‍රීඩාවේ ප්‍රධානියා ලෙස අමාත්‍යවරයා වැජඹීම සාමාන්‍ය තත්ත්වයක්ය.ක්‍රීඩා පනතේ ප්‍රකාරව සිඳුවන මේ තත්ත්වය ස්වාධින කිරිමට එම පත්කිරිම්වලින් අපේක්ෂිත ස්වාධීනත්වය ගැන සැකයක් නොසිතෙන අන්දමේ හැඩයක් පත්කිරීම් සඳහා ලබා දීමට ගරු කටයුතු පාර්ලිමේන්තුවද මහා විශාල කාලයක් වැය කරමින් කරන ලද විවාදයේදි හඳුන් නොගැනීම මහජන නියෝජිතයන් සිය ජනතාවගේ ක්‍රිඩා අයිතිය සම්බන්ධයෙන් දක්වන උනන්දුව සහ වගකීම කියා පෑමකි.
ඒ නිසා ක්‍රීඩා අමාත්‍යවරයා යනු මේ මොහොතේ ක්‍රීඩාවේ ගුරුය.සියලු පත්වීම් ඔහු යටතේ තබා සළකන විට තමන්ට යටතේ ගෝලයන් පත් කර ගැනීමක් යන්න ලංකාවේ දේශපාලන සංදර්භය ගැන හැඟීමක් ඇති අයෙකුට තේරුම් ගැනීම ගැටළුවක් නොවේය.එසේම මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ඒ ඒ ක්‍රීඩාවන් හි භෞතික වටිනාකම් ඉහළ නැංවීමට උපකාරී වන ප්‍රධින ක්‍රීඩාවන් තුනම ජාත්‍යන්තර වශයෙන් තහනම් කිරීමටකට ලක් කළ නායකයෙක් ගුරු වූ කේෂ්ත්‍රයක් දෙස බැලීමේදී කිව හැක්කේ කණාමැදිරි එළියටත් බිය විය යුතු බවය.මේ වන විටත් සියලු ක්‍රිඩාවන්ට දැනෙන සේ ගිණි පෙනෙලි පහර වැදි තිබෙන මොහොතක මේ තත්ත්වය ගැන හොඳම වැකිය ලෙස උදාහරණයට ගත් හැක්කේ ගුරා හිටගෙන කරන කොට ගෝලයෝ දුව දුව කරනවා යන්නය.
මෙය අභියාචනා උපදේශක සභාව ගැන සැකයක් ඇති කිරීමක් නොවේය.එසේම ලසිත ගුණරත්නට එසේ පෙත්සමක් යොමු කරන්නට අයිතියක් නැති බව කීමක් ද නොවේය.ක්‍රීඩා පනතේ මේ වන විට ඇති හැඩය අනුව කටයුතු කිරීමේදී ක්‍රිඩාවන්ට අදාළ ජාත්‍යන්තර සම්ප්‍රදායන් සහ නීතිමය ව්‍යහුයන් ද,රටේ පොදු නිති ඉදිරියේ කීඩා පනත අභියෝගයට ලක් විය හැකි ආකාරයේ තත්ත්වයන් ද ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට ලක් නොවීම නිසා ක්‍රිඩාවට අත් විඳින්නට සිඳු වී ඇති තත්ත්වයන් නිසාය.ඒ අනුව මේ මොහොතේ ක්‍රීඩාවන් මුහුණ පා ඇති අවදානම පදනම් කරගෙන සිතන විට සිංහවංශ ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරිමේදී සිංහ වංශික හැසිරීමක් වෙනුවට පෙනෙන්නේ සිංහ හමක් පොරවා ගැනීමක් පමණි.මේවාට සැබෑ සිංහ සෙයියාවක් දෙන්නට වැය කරන තත්ත්වයන් ද හිඟ නැති නිසා මේ චෝදනාවන් දෙස බැලීමේදි රගර්මය ආකාරයෙන් සිතද්දී සිතෙන්නේ වැරදි ටකල් කිරීමක් ලෙසය.ඒ මේ දක්වා එකතු වුණ අත්දැකිම් ලෙස ඇත්තේ කළු තැවරුණ තීරණ බැවිනි.
වඩාත්ම වැදගත් මේ මොහොතේ ශ්‍රී ලංකා රගර් ලෙස අනන්‍යතාවය සහිතව ජාතික ගීය සහ ජාතික ධජය සමඟ ලේකය අභිමුව ශ්‍රී ලංකා රගර් නැඟි සිටීමය.ශ්‍රී පංනාවේ පුරවැසියෝ ලෝකය ඉදිරියේ එය පජාත නොකොට ගැයීමට හැකි,එසැවීමට හැකි පසුබිමක් සකස් කිරීම වෙනුවෙන් පෙනී සිටීම අංක එකට ගෙන තමන්ගේ බලය සම්බන්ධයෙන් අංක දෙකට සිතන තාක් කල් කුමන පණතක,කුමන බලයක් කාට තිබුණත් ලංකාවට පහළින් සිටින රටවල් ගණනට වැඩි ගණනක් ඉහළින් තිබෙනු වළක්වන්නට නොහැකිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan