මැතිවරණයේ ආරක්ෂාවට පොලීසියෙන් 70,000ක්!

Date:

කොළඹ LNW: 2024 මහ­ මැ­ති­ව­ර­ණයේ ආර­ක්ෂාව වෙනු­වෙන් පොලීසියේ 70,000කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නිහාල් තල්දූව මහතා පවසයි.

පොලිස් නිල­ධා­රින්, විශේෂ කාර්ය බළ­කාය,සිවිල් ආර­ක්ෂක බළ­කාය ආදිය නියෝ­ජ­නය වන පරිදි මෙම පිරිස යොදවා ඇති අතර නිද­හස් හා සාධා­රණ මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වීම උදෙසා පූර්ණ ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක බවයි තල්දූව මහතා පවසන්නේ.

ඒ අනුව මහ ­මැ­ති­ව­ර­ණයේ ආර­ක්ෂාව සඳහා පොලිස් නිල­ධාරින් 64,000ක් ඍජුව යොදවා ඇති අතර තවත් පොලිස් නිල­ධා­රින් 6000ක් පමණ පොරොත්තු සේවා සඳහා යොදවා ඇති බවත් විශේෂ කාර්ය බළ­කායේ සෙබ­ළුන් 3200ක් පමණ යොදවා ඇති බවත්ත තල්දූව මහතා කියාසිටියි.

මැති­ව­ර­ණය පව­ත්වන හෙට (14) දින­යේදී පොලිස් ජංගම සංචාර ද සිදු­ක­රන අතර සිවිල් ආර­ක්ෂක බළ­කායේ සාමා­ජි­ක­යන් 12,227ක් ද මැති­ව­රණ රාජ­කාරි සඳහා සම්බන්ධ වීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පවසන්නේ.

අවශ්‍ය අවස්ථාවන්හිදී කැඳවීමට ත්‍රිවිධ හමුදාවද සූදානම් කර තිබේ.

ඒ අනුව මුළු ඡන්ද කොට්ඨාස 13,314ක් සඳහා ඡන්ද මධ්‍ය­ස්ථාන 13,383කදී හෙට දින ජන්දය විමසීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...