මැතිවරණයේ ආරක්ෂාවට පොලීසියෙන් 70,000ක්!

Date:

කොළඹ LNW: 2024 මහ­ මැ­ති­ව­ර­ණයේ ආර­ක්ෂාව වෙනු­වෙන් පොලීසියේ 70,000කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නිහාල් තල්දූව මහතා පවසයි.

පොලිස් නිල­ධා­රින්, විශේෂ කාර්ය බළ­කාය,සිවිල් ආර­ක්ෂක බළ­කාය ආදිය නියෝ­ජ­නය වන පරිදි මෙම පිරිස යොදවා ඇති අතර නිද­හස් හා සාධා­රණ මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වීම උදෙසා පූර්ණ ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක බවයි තල්දූව මහතා පවසන්නේ.

ඒ අනුව මහ ­මැ­ති­ව­ර­ණයේ ආර­ක්ෂාව සඳහා පොලිස් නිල­ධාරින් 64,000ක් ඍජුව යොදවා ඇති අතර තවත් පොලිස් නිල­ධා­රින් 6000ක් පමණ පොරොත්තු සේවා සඳහා යොදවා ඇති බවත් විශේෂ කාර්ය බළ­කායේ සෙබ­ළුන් 3200ක් පමණ යොදවා ඇති බවත්ත තල්දූව මහතා කියාසිටියි.

මැති­ව­ර­ණය පව­ත්වන හෙට (14) දින­යේදී පොලිස් ජංගම සංචාර ද සිදු­ක­රන අතර සිවිල් ආර­ක්ෂක බළ­කායේ සාමා­ජි­ක­යන් 12,227ක් ද මැති­ව­රණ රාජ­කාරි සඳහා සම්බන්ධ වීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පවසන්නේ.

අවශ්‍ය අවස්ථාවන්හිදී කැඳවීමට ත්‍රිවිධ හමුදාවද සූදානම් කර තිබේ.

ඒ අනුව මුළු ඡන්ද කොට්ඨාස 13,314ක් සඳහා ඡන්ද මධ්‍ය­ස්ථාන 13,383කදී හෙට දින ජන්දය විමසීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව සහ යුරෝපා සබඳතා පළුදු වෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී නේටෝ (NATO)...

Border 2 සාර්ථක ගමනක..

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Border 2 ගිය...

ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර ෆුට්සාල් ජය හ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ෆුට්සාල්...

පොඩ්ඩන් ඉස්සරහා ලොකු වැඩ දාපු කොල්ලන් සොක්කන් වූ දවසක්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: ශ්‍රී ලංකාව මෙවර ලෝක...