“11-11” මිල දී ගැනීම් අනුව චීනයේ භාණ්ඩ බෙදාහැරීමේ පරිමාව වාර්තාගත ලෙස ඉහළට!

කොළඹ LNW: “11-11” මිල දී ගැනීම් අනුව චීනයේ භාණ්ඩ බෙදාහැරීමේ පරිමාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. චීන රාජ්‍ය තැපැල් කාර්යාංශයේ දත්තවලට අනුව ඔක්තෝබර් 21 සිට නොවැම්බර් මස මැද දක්වා පැවති “11- 11” මාර්ගගත සාප්පු සවාරි සැණකෙළියේ දී බෙදා හැර ඇති භාණ්ඩ ඇණවුම් පාර්සල් ප්‍රමාණය බිලියන 13.94ක් බවයි වාර්තා වන්නේ.

එම කාලය තුළ බෙදා හැරිම් සිදු කළ දෛනික සාමාන්‍ය පාර්සල් ප්‍රමාණය මිලියන 634ක් වූ අතර එය සාමාන්‍ය කාලවල දෛනික ව්‍යාපාර පරිමාවෙන් 1.18 ගුණයක් වීම විශේෂත්වයක්. දෛනික පාර්සල් බෙදා හැරීමේ ඉහළම අගය මිලියන 777ක් වූ අතර එය නව වාර්තාවක් සනිටුහන් කිරීමක් බව වාර්තා වනවා.

මෙම වසරේදී ද “11-11” සාප්පු සැණකෙළියේ දී තැපැල් සේවා බාධාවකින් තොරව සුමටව ක්‍රියාත්මක වීම සඳහා විශේෂ පියවර ගෙන තිබුණා. එබැවින් භාණ්ඩ ‍බෙදාහැරීමේ ධාරිතාව පමණක් නොව එහි කාර්යක්ෂමතාවය ද වැඩි දියුණු වී තිබෙනවා.

2009 වසරේදී ඇරඹි මෙම “11-11” සාප්පු සවාරි සැණකෙළිය ලොව විශාලතම පාරිභෝගික වෙළඳපොලක් වන චීනයේ ශක්තිමත් පාරිභෝගික වියදම් උත්තේජනය පෙන්නුම් කෙරෙන විශේෂ අවස්ථාවක්.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කාන්තාවන්...

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...