විමල්ලාගේ උ. ල. සභාගයට මහනුවරදී නොනවතින “හූ” සංග්‍රහයක් ! (VIDEO)

Date:

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් උත්තර ලංකා සභාගය ඊයේ (13) මහනුවරදී පැවැත්වූ සම්මන්ත්‍රණයක් අවසානයෙහි එම ස්ථානයට පැමිණි පිරිසක් එහි නායකයින්ට දැඩි විරෝධයක් දක්වා තිබිණි.

විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර පුෂ්පදාන ශාලාවේදී මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

වැඩසටහනින් අනතුරුව මන්ත්‍රීවරුන් පිටව යන අවස්ථාවේදී එම ශාලාව ඉදිරිපිට රැඳී සිටි පිරිසක් ඔවුන්ට සිය දැඩි විරෝධය පළ කළේ පසුගිය ආණ්ඩුවේ ප්‍රබල ඇමතිකම් දරමින් සිටි විමල් ඇතුළු පිරිස ද රටේ පවතින ආර්ථික අර්බුදයට වගකිවයුතු බව පවසමිනි.

ඒ වනවිට විමල් වීරවංශ මහතා එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණු අතර වාසුදේව නානායක්කාර මහතා ඇතුළු සෙසු නායකයින්ට එම ස්ථානයෙන් පිටව යාමට සිදුවූයේ නොනවතින “හූ” හඬ මධ්‍යයේ ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිත්මා සියයෙන් මෙපිටට පනියි – දුමිදු මෙන්ම ඉසුරි සහ සිතුමි ද පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ලෝක බැඩිමින්ටන් සම්මේලනයේ 2025 සැප්තැම්බර් 16...

හෙල්ල අවසාන තරගයේ සිටින 2000 න් පසුව උපන් එකම ක්‍රීඩකයා රුමේෂ් – අවසාන තරගය අද පස්වරු 3.53 ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජපානයේ ටෝකියෝ හී පැවත්වෙන මලල ක්‍රීඩා...

වැසි තත්වයේ වර්ධනයක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 18) දිනයේදී බස්නාහිර, සබරගමුව,...